Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව විසින් නිසාන් පෙට්‍්‍රල් 4×4 සංගමය සමග එක්ව පළමු වරට සංවිධානය කරනු ලබන ‘කොමාන්ඩෝ 4×4 අභියෝගය’ අගෝස්තු මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා දින 6 ක් පුරා දිවයිනේ නැගෙණහිර වෙරළ තීරය හරහා දිවෙන මාර්ගයක් ඔස්සේ පැවැත්වේ. මෙම තරගාවලිය ප‍්‍රදර්ශන අදියරක් මෙන්ම තරගකාරී අදියරක් ලෙස අදියර 2 කින් පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් තරග කරුවන් රැසක්ද සහභාගීවීමට නියමිතය .
ප‍්‍රදර්ශන අදියරක් ලෙස පැවැත්වෙන මෙහි පළමු අදියර කොටස් 5 කින් සමන්විත වන අතර එයට සහභාගී වන්නන්ට එම කොටස් 5 නිමා කිරීම සඳහා පළමු දින 5 තුළදී පේදුරු තුඩුව, මනල්කාඩු, චලෙයි, පුදුමාතලන්, කොක්කුතුඩුවයි, කොක්කිලෙයි, දෙහිවත්ත, තොප්පිගල, තරවිකුලම්, කරදියනාරු, උන්නච්චි, සාන්චිමලෙයි, පුලූකුනාව, කෝමාරි, පොතුවිල්, ආරුගම්බේ සහ කුඩා ඔය යන ප‍්‍රදේශ පසුකරමින් තම ජීප් රථ ධාවන කරවීමට සිදුවේ.
ඒ අනුව පළමු දිනයේදී පේදුරු තුඩුවේ සිට කොක්කුතුඩුවයි දක්වා (කි. මී. 148) ද, දෙවැනි දියෙන්දී කොක්කුතුඩුවයි සිට දෙහිවත්ත දක්වා (කි. මී. 128) ද, තෙවැනි දිනයේදී දෙහිවත්තේ සිට තොප්පිගල දක්වා (කි. මී. 120) ද, සිව්වැනි දිනයේදී තොප්පිගල සිට ආරුගම්බේ දක්වා (කි. මී. 182) ද, පස්වැනි දිනයේදී ආරුගම්බේ සිට කුඩා ඔය දක්වා (කි. මී. 178) ද ඔවුන් ගමන් කළ යුතුය.
මෙම අදියරට සහභාගී වීම සඳහා මේ වන විට කණ්ඩායම් 55 ක් ලියාපදිංචිවී තිබේ. මෙහිදී කාල ගණනයක් සිදු නොකෙරෙන අතර එම කණ්ඩායම්, තමන්ට හමුවන බාධක ජය ගනිමින් ඉදිරියට ඇදෙන ආකාරය පමණක් නිරීක්ෂණය කෙරේ.
තරගකාරී අදියරක් ලෙස පැවැත්වෙන තරගාවලියේ දෙවැනි අදියර, අවසන් දිනයේදී කුඩා ඔය ප‍්‍රදේශයේ පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල තුළ ඉදිකෙරුණු ධාවන පථයක් කේන්ද්‍ර කරගනිමින් ස්ටෑන්ඩඞ් සහ එක්ස්ටීම් ලෙස කොටස් දෙකකින් පැවැත්වේ.
වැලිතලා, ගල් සහිත මාර්ග, මඩ කඩිති, කඳු-පල්ලම්, ජල දුර්ග සහ ඉංගී‍්‍රසි ‘වී’ අකුරේ හැඩයට සකස්කරන ලද මංතීරු වලින් සමන්විත එම ධාවන පථය ‘කොමාන්ඩෝ 4×4 අභියෝගය’ සඳහාම අලූතින් ඉදිකරන ලද ධාවන පථයකි.
මෙහි ස්ටෑන්ඩඞ් අදියරේදී තරග වැදීම සඳහා කණ්ඩායම් 15 ක්ද, එක්ස්ටී‍්‍රම් අදියරේදී තරග වැදීම සඳහා කණ්ඩායම් 17 ක්ද ලියාපදිංචිවී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.