Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය 25 දා

‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය 25 දා

ශනුක අරවින්ද - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ සංගමය 19 වැනි වරටත් සංවිධානය කරන ‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය හෙට (25 වැනිදා) රාතී‍්‍ර 7.00 ට මාතර කොටුව අසලින් ආරම්භ කිරීමට නියමිතය.

මාතර, හම්බන්තොට සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක තුනේ වනගත ප‍්‍රදේශ රැසක් ආවරණය වන පරිදි අදියර දෙකකින් පැවැත්වෙන මෙම රැළිය කිලෝ මීටර් 420 ක පමණ දුරකින් සමත්විත වේ.

එහි පළමු අදියරේදී තරගකරුවන්ට මාතර සිට ගාල්ල දක්වා කිලෝ මීටර 200 පමණ දුරක් ගමන් කිරීමට සිදුවන අතර දෙවැනි අදියරේදී ඔවුන්ට කිලෝ මීටර 225 පමණ දුරක් ගෙවා නැවත ගාල්ලේ සිට මාතර දක්වා පැමිණීමට සිදුවේ.

ඞීමෝ ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ගණන 40 කි. ඉකුත් වසරේ තරගාවලියේ සමස්ථ ශූරතාව දිනූ නලින් පේ‍්‍රමරත්න (රියැදුරු) සහ රජිත් උළුවිට (සහයක රියැදුරු) ද මෙවර තරගාවලියට එක්ව සිටිති.

මාතර සිට තිහගොඩ, යටියන, වැල්ලෙතොට, මාම්බඩ, වැලිගම, කනංකේ, යක්කලමුල්ල, උඩුගම, නියාගම, නාගොඩ සහ හියාරේ යන ප‍්‍රදේශ පසුකර ගාල්ල සමනල පාලම අසලින් පළමු අදියර අවසන් වීමට නියමිතය.

ගාල්ලේ සිට ඉමදූව, යක්කලමුල්ල, උඩුගම, තවලම, නෙළුව, මොරවක, පිටබැද්දර, අකුරැස්ස සහ තෙලිජ්ජවිල යන ප‍්‍රදේශ හරහා මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයට යාබඳව ඇති වෙරළ තීරයේ සුනාමි ස්මාරකය අසලින් දෙවැනි අදියර අවසන් වේ.

දෙවැනි අදියර 26 වැනිදා අළුයම 2.00 ට ආරම්භ කර පෙරවරු 6.30 පමණ වන විට අවසන් කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය 26 වැනිදා වැනිදා පෙරවරු 10.30 ට මාතර වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පළමු හා දෙවන අදියර ජයග‍්‍රාහකයන් සඳහා, නවකයන් සඳහා, මෝටර් කාර් සඳහා, නවීකරණය නොකරන ලද මෝටර් රථ සඳහා මෙන්ම සමස්ත තරගාවලියේ ජයග‍්‍රාහකයන් සඳහාද වෙන වෙනම කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

ඞීමෝ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ජී. පණ්ඩිතගේ මහතා, සදර්න් මෝටර් රථ සංගමයේ සභාපති ප‍්‍රසන්න විජේවික‍්‍රම මහතාට තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු... සදර්න් මෝටර් රථ සංගමයේ උප සභාපති අෂාර් හමීම් මහතා (වමේ) සහ එම සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුරංජිත් පේ‍්‍රමදාස මහතා (දකුණේ) ද ඡායාරූපයේ සිටිති.

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළිය 25 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.