Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයේ සමස්ත ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ ඉස්මයිල් වෙන්ටුරා සමත්විය. එහි අනු ශූරතාව දිනාගනු ලැබුවේ කැනඩාවේ කෝරි වෙලන්ස් විසිනි.
ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැති මෙම තරගාවලිය අදියර 3 කින් සමන්විත වූ අතර ඉන් පළමු සහ දෙවැනි අදියර පළමු වැනියා ලෙසත්, තෙවැනි අදියර දෙවැනියා ලෙසත් නිමා කරමින් ඉස්මයිල් වෙන්ටුරා තරගයේ සමස්ත ශූරතාව දිනාගත්තේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ කී‍්‍රඩකයන් හයදෙනා අතරින් ගුවන් හමුදාවේ අමල් සුරංග සහ යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය තරගය ආරම්භයේ සිටම විදෙස් තරගකරුවන් සමඟ උරෙනුර ගැටෙමින් තරග වැදුණු අයුරු දැකගත හැකිවිය.
පළමු අදියරේදී අමල් සුරංග 8 වැනි ස්ථානයටත්, සුමේධ වර්ණකුලසූරිය 9 වැනි ස්ථානයටත් පත්වූ අතර දෙවැනි අදියරේදී ඔවුහු පළමු අදියරේදී ලද ස්ථාන රැුකගත්හ. කෙසේ වුවත් දෙවැනි අදියරේදී ද ඔවුන් දෙදෙනාගේ තරග නිමි කාලයන් සමාන විය. තෙවැනි අදියරේදී අමල් සුරංග පසුකර ගිය සුමේධ වර්ණකුලසූරිය, 6 වැනියා ලෙස එම අදියර අවසන් කළ අතර අමල් සුරංගට හිමිවූයේ එහි 7 වැනි ස්ථානයයි.
සමස්ත තරගය නිමාවන විට කාල ගණනය අනුව සුමේධ වර්ණකුලසූරිය එහි 6 වැනි ස්ථානයත්, අමල් සුරංග ද 7 වැනි ස්ථානයත් හිමි විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ ලාබාල කී‍්‍රඩක සංජු දීමන්ත 15 වැනියා ලෙස සමස්ත තරගය නිමා කළේය.
ඒ අනුව යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය, නේපාලයේදී පැවැත්වෙන මීළඟ ‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ තරගයට සහභාගී වීමේ වරම් හිමිකර ගත්තේය.
තරගයේ පළමු අදියරේදී කුඩාඔය සිට හපුතලේ දක්වා කිලෝ මීටර 80 ක දුරක්ද, දෙවැනි අදියරේදී හපුතලේ සිට කළුපහන දක්වා කිලෝ මීටර 80 ක දුරක්ද, තෙවැනි අදියරේදී නුවරඑළියේ සිට නුවර දක්වා කිලෝ මීටර 64 ක දුරක්ද ගමන් කිරීමට තරගකරුවන්ට සිදුවිය.
මෙම තරගය සඳහා ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නේපාලය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 47 දෙනෙක් සහභාගී වූහ.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ‍්‍රී ලංකන් හොලිඬේස් සහ ලංකා ස්පෝට්ර්ස් රයිසන් සංචාරක නියෝජිත ආයතනය එක්ව තරගය සංවිධානය කළ අතර මොබිටෙල් සමාගම තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
1 ඉස්මයිල් වෙන්ටුරා (ස්පාඤ්ඤය)
2 කෝරි වෙලන්ස් (කැනඩාව)
3 ඒ. පී. චීත‍්‍රී (නේපාලය)
4 යූකි ඉකඬේ (ජපානය)
5 භයිර් දාබි‍්‍ර (ඉන්දියාව)
6 සුමේධ වර්ණකුලසූරිය (යුද හමුදාව)
7 අමල් සුරංග (ගුවන් හමුදාව)
8 සබිග්නිව් විස්නර් (පෝලන්තය)
9 නරේෂ් බුර්මන් (ඉන්දියාව)
10 මැට් එවොනස් (කැනඩාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.