Last Update  :  2025-02-28 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ඇෆ්ඝනිස්තානුවෝ එංගලන්තය ගෙදර යවති
ශූරයන්ගේ කුසලාන

ඇෆ්ඝනිස්තානුවෝ එංගලන්තය ගෙදර යවති

editorial - 2025 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඊබ්‍රහිම් සද්රාන්ගේ (177) ප්‍රචණ්ඩකාරී පිතිහරඹයෙන් බලය ලබාගත් ඇෆ්ඝනිස්ථානුවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් වන එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් එළවා දැමූහ. එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (26 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිසස්ථානුවෝ ලකුණු 08 ක තියුණු ජයක් අත්කර ගත්හ. 

ඕස්ටේ්‍රලියාව සහ ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජය වී සිටින එංගලන්තය මාර්තු 01 වැනිදා දකුණු අප්‍රිකාව හා තරග වැදීමට නියමිතය. එහෙත් එම තරගය ජයගත්තද, දකුණු අප්‍රිකාව හෝ ඕස්ටේ්‍රලියාව අභිබවා යාමේ හැකියාවක් එංගලන්තයට නැත. එංගලන්තය මුහුණ දුන් බලවත්ම අවාසිය වූයේ ලකුණු 351 ක් ලබාගැනීමෙන් පසුවත් ඕනස්ටේ්‍රලියාව හමුවේ පරාජය වීමයි. 

ශුරයන්ගේ කුසලාන තරගාවලියේ රැඳී සිටීමට නම් ලකුණ 326 ක් ලබාගත යුතු බව දත් එංගලන්ත පිතිකරුවෝ ඉනිමේ මුල සිටම ඒ වෙනුවෙන් අවශ්‍ය ලකුණු වේගය රඳවා ගත්හ. ඉදිරිපෙළ පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවන් ලබා නොගත් නමුත් ජෝ රූට් ඉනිමේ කොඳු නාරටිය වෙමින් සටන ඉදිරියට ගෙන ගියේය. 

326 ක් යනු අභියෝගාත්මක ඉලක්කයකි. ලකුණු 30 කට කඩුලු දෙකක්  දැවී ගියද බෙන් ඩකට් (38) සහ ජෝ රූට් එක්ව ලකුණු 68 ක් එකතු කළහ. එංගලන්තයේ හෙට දවසේ බලාපොරොත්තුව වන හැරී බෲක් ලකුණු 25 කට දැවී යාම බලවත් පහරක් වූ නමුත් පසුපස බැලුවේ රූට් නොවේ. වත්මන් නායක ජොස් බට්ලර් සමගින් එකතු වූ හිටපු නායකයා 37 වැනි ඕවරය වන විට ලකුණු 216 ක් පුවරුවට එකතු කළේය. 

ඒ වන විටත් ජෝ රූට් ලකුණු 90 ක් ලබා නොදැවී සිටි අතර එතැන් සිට ගමන ඒ දණ්ඩේ යාමකි. ඕවර 13 කින් ලකුණු 110 ක් ලබාගත යුතුව තිබිණ. අවසන් ඕවර 10 දී එංගලන්තයට පන්දු 60 කින් ලකුණු 90 ක් අවශ්‍යව තිබිණ. 

කෙසේ හෝ රූට් ලකුණු 287 දක්වා කණ්ඩායම ඉදිරියට තල්ලුකරගෙන ගියේය. ලකුණු 120 ක් ලබා ජෝ රූට් දැවී යන විට එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 25 කින් ලකුණු 39 ක් අවශ්‍යව තිබිණ. ජොෆ්රා ආචර් (14) සහ ජැමී ඔවර්ටන් (32) සටන්කාමීව ඉදිරියට ගිය නමුත් ඔවර්ටන්ගේ දැවී යාමෙන් පසුව ලකුණු 08 ක් අතුළත එංගලන්ත ඉනිම නිමා වූයේ අස්මතුල්ලා ඔමර්සායිට (58/5) කඩුලු 5 ක් හිමිකර දෙමිනි. 

ඇෆ්ඝනිස්ථානු ඉනිමේදී වඩාත් ඉස්මතු වූයේ එංගලන්තයේ දුර්වල පන්දු යැවීමයි. ඕස්ටේ්‍රලියානුවන්ට ලකුණු 356 ක් පූජා කළ එංගලන්තය අද ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන්ට ලකුණු 325 ක් තිළිණ කළහ. අද තරගයේදී වාඩාත් අවාසිදායක තත්ත්වය වූයේ පන්දු 146 කින් ලකුණු 177 ක් ලබාගැනීමට ඊබ්‍රහිම් සද්රාන්ට අවස්ථාව දීමයි.  එනිසා අනෙක් පිතිකරුවන්ට පන්දු 154 ක් ඉතිරි වීමයි. කොහොමටත් ප්‍රහාරකයන් වන ඇෆ්ඝනිස්ථානු පිතිකරුවෝ ඒ පන්දු 154 න් ලකුණු 148 ක් උදුරා ගත්හ. 

මේ අතරවාරයේදී ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවා වීමේ වාර්තාව සද්රාන් තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. මීට පෙර එක්දින තරගයකදී ඇෆ්ඝනිස්ථානු පිතිකරුවකුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ඊබ්‍රහිම් සද්රාන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැළේදී ලබාගත් ලකුණු 162 යි. 

හෂ්මතුල්ලා ශහිදි (40), අස්මතුල්ලා ඔමර්සායි (41) සහ මොහොමඩ් නබී (40) ලබාගත් ලකුණු 40 ඉනිම තුන හැරෙන්නට ඇෆ්ඝනිස්ථානුවන්ට වෙනත් ලොකු ඉනිම තිබුණේ නැත. ජොෆ්රා ආචර් (64/3) සහ මාක් වුඩ් දෙදෙනා පමණක් නොව ජැමී ඕවර්ටන් සහ අදිල් රෂීඩ් ද රිදෙන්නම පහර කෑවෝය. 


ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 7 ට 325 යි
(ඊබ්‍රහිම් සද්රාන් 177, හෂ්මතුල්ලා ශහිදි 40, අස්මතුල්ලා ඔමර්සායි 41, මොහොමඩ් නබී 40, ජෙෆ්රා ආචර් 64/3, ලයාම් ලිවිංග්ස්ටන් 28/2)

එංගලන්තය -  ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 317 යි
(පිල් සෝල්ට් 12, බෙන් ඩකට් 38, ජෝ රූට් 120, හැරී බෲක් 25, ජොස් බට්ලර් 38, ලයාම් ලිවිංග්ස්ටන් 10, ජැමී ඕවරටන් 32, ජෙෆ්රා ආචර් 14, අස්මතුල්ලා ඔමර්සායි 58/5, මොහොමඩ් නබී 57/2)

- 213


අදහස් (0)

ඇෆ්ඝනිස්තානුවෝ එංගලන්තය ගෙදර යවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.