Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
ඇඩිලේඩ් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී හාාරිස් රවුෆ් කඩුලු 5 ක් දවාගැනීම නිසා ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 163 කට දැවී ගියහ. කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169 ක් ලබාගත් පාකිස්තානුවෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ.
ඕස්ට්‍රේලියානුවෝ වත්මන් ලෝක ශූරයන් වන නමුත් හාරිස් රවුෆ්ගේ (29/5) වික්‍රමාන්විත පන්දු යැවීම හමුවේ ලකුණු 163 කට දැවී ගියහ. තණතීරුවට දෙස් දෙවොල් තැබීම කළ නොහැක්කේ පාකිස්තානුවන් එක කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය අත්පත් කර ගත් බැවිනි. කෙසේ වෙතත් එය පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.
“(බිග් බෑෂ් ලීග් තරගාවලියේදී) මෙල්බර්න් ස්ටාර්ස්’ කණ්ඩායම වෙනුවෙන් මම මෙහිදී (ඇඩිලේඩ් නුවරදී) පන්දු යවා තිබෙනවා. මේ තණතීරුව ගැන මා දන්නවා” යයි තරගයේ විවේකයේදී හාරිස් රවුෆ් පැවසීය.
කඩුලු රකින්නා වන, පාකිස්තානු නායක මොහොමඩ් රිස්වාන්, කඩුල්ල පිටුපස සිට දැවීයාම් 6 කට සම්මාදම් වෙමින්, ලෝක වාර්තාවක් සමකළේය. හත්වැනි උඩපන්දුවත් රිස්වාන්ට ලැබුණ නමුත් එය ගිළිහී යාම නිසා ඇඩම් සම්පා සිය කඩුල්ල රැකගත්තේය.
ඕවර 26.3 කදී ජයග්‍රාහී ඉලක්කය කරා අවතීර්ණ වූ පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් සයිම් අයුබ් (82) සහ අබ්දුල්ලා ශෆීක් (නොදැවී 64) ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ශතකය පෙනි පෙනී අයුබ් දැවීගිය නමුත් බාබර් අසාම් තරගය අවසන් කළේ ඇඩම් සම්පා හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි.
සයිම් අයුබ්ගේ උඩපන්දුවක් ඇඩම් සම්පා විසින් බිම දමනු ලැබීම නිසා ආරම්භක පිතිකරුවා පන්දු 52 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. අවසානයේදී සම්පාගේම පන්දුවකින් අයුබ් දැවී යන විට ඔහුගේ ඉනිම හයේ පහර 6 කින් අලංකාර වී තිබිණ.
තරගාවලියේ අවසන් සහ තීරණාත්මක එක්දින තරගය ලබන ඉරිදා (10 වැනිදා) පර්ත් නුවරදී පැවැත්වෙයි.
ඕස්ට්‍රේලියාව - ඕවර 35 කදී සියලු දෙනාා දැවී 163 යි
(මැතිව් ෂෝට් 19, ජේක් ෆ්‍රේසර්-මැක්’ගර්ක් 13, ස්ටීවන් ස්මිත් 35, ජොෂ් ඉංග්ලිෂ් 18, ඒරන් හාඩි 14, ග්ලෙන් මැක්ස්වෙල් 16, පැට් කමින්ස් 13, ඇඩම් සම්පා 18, ශහීන් ෂා අෆ්රීඩි 26/3, හාරිස් රවුෆ් 29/5)
පාකිස්තානය - ඕවර 26.3 කදී කඩුල්ලක් දැවී 169
(සියාම් අයුබ් 82, අබ්දුල්ලා ශෆීක් නොදැවී 64, බාබර් අසාම් නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.