Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලාහෝර් නුවරට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (28 වැනිදා) පැවැති ශූරයනගේ කුසලාන තරගය අතහැර දැමීමට සිදුවිය. රාත්‍රී 8.45 ට පමණ ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 109 ක් ලබා සිටියේය.
එක්දින තරගයක් වන බැවින් තරගය සඳහා වන ප්‍රසාද ලකුණු දෙපිලට බෙදී ගියේය. ප්‍රසාද ලකුණු බෙදීයාම හේතුවෙන් ඕස්ට්‍රේලියාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානුවෝ පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්හ. තමන්ගේ පිතිහරඹය ශක්තිමත් බැවින් ලාහෝර් තණතීරුවේ පිතිකරුවන්ට යෝග්‍ය කොටස තමන්ගේ වාසියට යොදා ගැනීම ඇෆ්ඝනිස්ථානුවන්ගේ අරමුණ විය. විශේෂයෙන්ම එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය සඳහා මෙම තණතීරුව යොදාගත් හෙයින් ඇෆ්ඝනිස්ථානු නායක හෂ්මතුල්ලා ශහිදිගේ අදහස වූයේ රාත්‍රී කාලයේදී තණතීරුව මන්දගාමී වුවහොත් එයින් තම පන්දු යවන්නන්ට වාසිය ලබා දීමයි.
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ කීර්ති නාමය තැන තැකීමක් නොකළ සදිකුල්ලා අතල් (85) සහ අස්මතුල්ලා ඔමර්සායි (67) නියමිත ඕවර 50 නිමාවේදී ලකුණු 273 ක් කරා ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. බෙන් ඩ්වාර්ෂියුස් යැවූ අවසන් ඕවරයේදී පිතිකරුවන් දෙදෙනකු දැවී ගියත් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ඇෆ්ඝනිස්ථානුවෝ තමන්ට අවශ්‍ය සීමාවට අවතීර්ණ වූහ.
පළමු ඕවරයේදීම රමනුල්ලා ගුර්බාස් ලකුණු නොලබා දැවී ගියත් ඇෆ්ඝනිස්ථානුවන්ට එය එතරම් ප්‍රශ්නයක් වූයේ නැත. ඊබ්‍රහිම් සද්රාන් සහ සදිකුල්ලා අතල් එක්ව අවශ්‍ය වේගය පවත්වා ගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළහ. තරමක් විශ්වාස කළ නොහැකි කාරණාව වූයේ පළමු ඕවර 7 ඇතුළත ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අතිරේක ලකුණු 15 ක් පූජා කිරීමයි. කෙසේ වෙතත් පළමු වැනි ඕවර 10 ඇතුළත ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන්ගේ පිත්තේ නොගැටී පන්දු 20 ක් පමණ යැවීමටත් ඕස්ටේ්‍රලියානුවෝ සමත් වූහ.
සදිකුල්ලා අතල් තවමත් 23 හැවිරිදි ක්‍රීඩකයෙකි. එහෙත් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමේ අංක 3 ස්ථානයට හොඳින් අනුගත වූ සදිකුල්ලා, සිය 8 වැනි එක්දින තරගය වන විට අර්ධ ශතක තුනක් සම්පූර්ණ කර තිබිණ.
තර්ජනයක් වෙමින් සිටි පා දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාට තදබල පහර කීපයකින් සංග්‍රහ කළ සදිකුල්ලා ඔහුව පන්දු යැවීමෙන් ඉවතට ඇද දැම්මේය. එහෙත් අනෙක් අන්තයෙන් පැමිණි ස්පෙන්සර් ජොන්සන් හමුවේ ඩ්‍රයිව් පහරක් ගැසූ සදිකුල්ලාගේ උඩපන්දුව එක්ස්ට්‍රා කවර්ස් හි සිටි ස්ටීවන් ස්මිත්ගේ දෑත් අතර රැඳිණ.
සිය පළමු ඕවරයේදීම ඊබ්‍රහිම් සද්රාන් දවාගත් ඇඩම් සම්පා, ඇෆ්ඝනිස්තානුවන්ට තර්ජනය එල්ල කළේය. එයින්ද නොනැවතුණු සදිකුල්ලා සහ ඇෆ්ඝනිස්ථානු නායකයා තවත් ලකුණු 68 ක් එකතු කළ නමුත් සදිකුල්ලා දැවී යාමත් සමගින් තත්ත්වය වෙනස් විය.
එතැනින් තරගය බාරගත් අස්මතුල්ලා ඔමර්සායි චිත්තාකර්ශනීය පහර කිහිපයකින්ම පන්දුව හතරේ සීමාවට ඉහළින් යවමින් ඇෆ්ඝනිස්ථානු ලකුණු සංඛ්‍යාව 273 දක්වා ඉදිරියට තල්ලු කළේය. ඔමර්සායිගේ පන්දු 63 ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.
මහත් පුදුමයකට මෙන් ඕස්ට්‍රේලියානුවන් විසින් ඇෆ්ඝනිස්ථානය වෙත තිළිණ කරන ලද අතිරේක ලකුණු සංඛ්‍යාව 37 කි.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 273 යි
(ඊබ්‍රහිම් සද්රාන් 22, සදිකුල්ලා අතල් 85, රහමත් ෂා 12, හෂ්මතුල්ලා ශහිදි 20, අස්මතුල්ලා ඔමර්සායි 67, රෂීඩ් ඛාන් 19, ස්පෙන්සර් ජොන්සන් 49/2, බෙන් ඩ්වාර්ෂියුස් 47/3, ඇඩම් සම්පා 48/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී 109 යි
(මැතිව් ෂෝට් 20, ට්‍රැවිස් හෙඩ් නොදැවී 59, ස්ටීවන් ස්මිත් නොදැවී 19)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.