Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් සතු ආධිපත්‍යය නැවත වරක් මොනවට පැහැදිළි කරදුන් ඉන්දීය කණ්ඩායම ඩුබායි නුවරදී අද (23 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී පාකිස්තානු කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කළේය. ලකුණු 242 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 42.3 කදී කඩුලු 4 ක් දැවී තරගය ජයග්‍රහණය කළේය.
දිගු කලක් ලකුණු අතර නොසිටීමෙන් ඇතැමුන්ගේ විවේචනයට ලක්ව සිටි විරාට් කෝලි වසරකට පසු එක්දින ශතකයක් ලබාගත්තේය. එය ඔහුගේ 51 වැනි එක්දින ශතකය වන අතර කෝලි සිය 299 වැනි තරගයේදී එක්දින ලකුණු 14,000 සීමාවද පසුකර ගියේය.
ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලකුණු 20 කට දැවී ගිය නමුත් ෂුබ්මන් ගිල් (46), විරාට් කෝලි (නොදැවී 100) සහ ශ්‍රෙයාස් අයියර් (56) එක්ව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කරගත් කුල්දීප් යාදව් (40/3) ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සිය ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 241 කට සීමා කළහ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැති නමුත් ලකුණු 83 ක් ඇතුළත කඩුලු 8 ක් අහිමි කරගත් පාකිස්තානුවෝ ඕවර 49.4 කින් දැවී ගියහ.
මොහොමඩ් ශාමිගේ මුල්ම ඕවරය වයිඩ් පන්දු 5 කින් සමන්විත වීම නිසා ඉන්දියාවට ලැබුණේ භයංකාර ආරම්භයකි. තරගය ආරම්භ කරමින් යැවූ ඕවරයේදී ශාමිට පන්දු 11 ක් යැවීමට සිදුවූ නමුත් වයිඩ් පන්දු 5 ට අමතරව පාකිස්තානුවන් ලබාගත්තේ එක ලකුණකි.
කෙසේ වෙතත් පස්වැනි ඕවරය වන විට (25/0) ආරම්භක පිතිකරුවන් වූ බාබර් අසාම් සහ ඉමාම් උල් හක් පාකිස්තානු කණ්ඩායම අපේෂිත මාවතට කැඳවාගෙන ඇවිත් තිබිණ.
බාබර් අසාම්ගේ දැවී යාමෙන් ඕවරයකට පසුව ඉමාම් උල් හක්ගේ අමනෝඥ දුවද්දී දැවී යාම හේතුවෙන් පාකිස්තානුවන් පසුපසට ඇද දමා තරගයේ වාසිය තමන් වෙත ඇද ගැනීමට අක්ෂර් පතෙල් සහ හර්දික් පාණ්ඩ්‍යාට හැකි වූහ. සිය ලකුණ වෙනුවෙන් ඉමාම් විදුලි වේගයෙන් දිව ආ නමුත් අක්ෂර් පතෙල්ගේ අත ඊටත් වඩා වේගවත් විය.
එතැනින් පසුපාදයට වැටුණු පාකිස්තානුවෝ 10 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය දක්වාම ලබාගත්තේ ලකුණු 77 කි. එනම් ඕවර 20 කදී ලකුණු 77 කි. ඕවරයකදී ලකුණු 3.85 කි.
10 වැනි ඕවරයේ සිට 25 වැනි ඕවරය දක්වාම, පන්දු 88 ක් ඇතුළත, එකම හතරේ පහරක්වත් දක්නට නොලැබිණ. සවුද් ශකීල් සහ නායක මොහොමඩ් රිස්වාන් දෙදෙනා, එම ඕවර 20 දී කඩුලු රැකගත්තේ 30 වැනි ඕවරයෙන් පසුව ප්‍රහාරය ආරම්භ කිරීමේ අටියෙනි.
30 වැනි ඕවරය වන විටත් පිටියේ රැඳී සිටි සවුද් ශකීල් (නොදැවී 44) සහ මොහොමඩ් රිස්වාන් (නොදැවී 39) එක්ව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී රිස්වාන් ලකුණු 46 කට දැවී ගියේය. රිස්වාන් සහ ශකීල් අතර පවැති සම්බන්ධතාව ලකුණු 104 කි.
ලකුණු 148 දී රිස්වාන් දුන් පහසු උඩපන්දුවක් හර්ෂිත් රානා විසින් බිම හෙළනු ලැබුවද පාකිස්තානු නායකයා මුහුණ දුන් ඊළඟ පන්දුවේදී අක්ෂර් පතෙල් හමුවේ දැවී ගියේය. එතැනින් නැවත වරක් ග්‍රහණය දැඩිකළ ඉන්දීය පන්දු යවන්නන් අතර කුල්දිප් යාදව් සහ අක්ෂර් පතෙල් පාකිස්තානුවන්ට හිස් එසවීමට අවසර නොදුන්හ.
පාකිස්තානය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 241 යි
(ඉමාම් උල් හක් 10, බාබර් අසාම් 23, සවුද් ශකීල් 62, මොහොමඩ් රිස්වාන් 46, සල්මන් අඝා 19, කුෂ්දිල් ෂා 38, නසීම් ෂා 14, හර්දික් පාණ්ඩ්‍යා 31/2, කුල්දීප් යාදව් 40/3)
ඉන්දියාව - ඕවර 42.3 කදී කඩුලු 4 ක් දැවී 244 යි
(රෝහිත් ෂර්මා 20, ෂුබ්මන් ගිල් 46, විරාට් කෝලි නොදැවී 100, ශ්‍රෙයාස් අයියර් 56, ශහීන් ෂා අෆ්රීඩි 74/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.