Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත් විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (6 වැනිදා) පැවැති මෙම අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ, පාකිස්තාන යොවුන් කණ්ඩායමේ අපරාජිත බව බිඳ දමමින් ඕවර 22.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම ඉලක්කය පසුකර ගියහ.
එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හකීම් ටමීන් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. මොහොමඩ් ශිහාබ් (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හකීම් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට ඕවර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. පාකිස්තාන යොවුන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෆර්හාන් යූසෆ් පන්දු 32 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉක්බාල් හොසේන් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 7 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර පාකිස්තාන යොවුන් ඉනිම සුනිවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මරූෆ් මි්‍රධා ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.
පාකිස්තාන යොවුන් පිල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 116
(මොහොමඩ් රියාසුල්ලා 28, සාද් බේග් 18, ෆර්හාන් යූසෆ් 32, ඉක්බාල් හොසේන් 24/4, මරූෆ් මි්‍රධා 23/2)
බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 22.1 කදී කඩුලු 3 ක් දැවී 120
(සවාද් අබ්‍රාර් 17, හකීම් ටමීම් නොදැවී 61, මොහොමඩ් ශිහාබ් 26)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.