Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket බෙලා ජේම්ස්ට තරගාවලිය අහිමි වෙයි
කාන්තාවන්ගේ නවසීලන්ත සංචාරය

බෙලා ජේම්ස්ට තරගාවලිය අහිමි වෙයි

editorial - 2025 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරිණියක් වන බෙලා ජේම්ස්ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වී තිබේ. නවසීලන්තයේ දේශීය තරගාවලියේ තරගයකදී බෙලා ජේම්ස් මෙම ආබාධයට ලක්ව ඇති අතර එම ආබාධය සුවකර ගැනීම සඳහා ඇය සති තුනත් හයත් අතර කාලයක් විවේකීව සිටිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි.
 
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාන්තා විස්සයි-20 තරගාවලියේදී ඇයට නැවතත් ක්‍රීඩා පිටියට පිවිසිය හැකිද යන්න ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත. බෙලාගේ ස්ථානය පළපුරුදු පිතිකාරිණියක වන ලොරීන් ඩවුන්ට හිමිවී තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලිය මේ මස 04 වැනිදා නේපියර් නුවරදී ආරම්භ වෙයි. 


- 213


අදහස් (0)

බෙලා ජේම්ස්ට තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.