Last Update  :  2025-02-21 11:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket මනුදි ජාතික කණ්ඩායමට එක්වෙයි
කාන්තා පිලේ නවසීලන්ත සංචාරය

මනුදි ජාතික කණ්ඩායමට එක්වෙයි

editorial - 2025 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

එක්දින අන්තර්ජාතික තරග තුනකට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා නවසීලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 19 න් පහළ නායිකා මනුදි නානායක්කාර ඇතුළත්ව සිටින්නීය. මනුදි සමගින් පසුගියදා පැවැති 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ගිය 18 හැවිරිදි රශ්මිකා සෙව්වන්දි සහ තවත් කෝඩුකාර ක්‍රීඩිකාවක් වන චේතනා විමුක්ති ද ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ඇතුළත්ව සිටිති. 

වමතින් පිත්ත හසුරුවන මනුදි නානායක්කාර දකුණතින් මඳ වේග පන්දු යවන්නියකි. බලාපොරොත්තු තැබිය හැකි පිතිකාරිණියක වන ඇය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් තරග 10 කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී තිබේ. මනුදිගේ ඇතුළත් වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන අමා කාංචනාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. 

එක්දින අන්තර්ජාතික තරග 76 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 84 කට සහභාගි වීසිටින පළපුරුදු දඟ පන්දු යවන්නියක වන ඉනෝකා රණවීරටත් මෙවර නවසීලන්ත සංචාරයේ ස්ථානය අහිමි වී තිබේ. 

සුපුරුදු පරිදි චමරි අතපත්තු කණ්ඩායමේ නායකත්වය දරයි. චමරි එක්දින අන්තර්ජාතික තරග 107 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 143 කට සහභාගි වී ඇති ලෝකයේ පළපුරුදුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිප දෙනාගෙන් අයෙකි. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝත් එක්දින අන්තර්ජාතික තරග මෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තරග රැසකට සහභාගි වී ඇති පළපුරුදු ක්‍රීඩිකාවෝ වෙති. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කාන්තාවෝ මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම් ලබා සිටිති. ඔව්හු විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 7 වැනි ස්ථානයේ සිටිති. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යයි. 

 

නවසීලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ක්‍ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞෂිනී නෘත්‍යංගනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති


අදහස් (0)

මනුදි ජාතික කණ්ඩායමට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.