Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලත්, බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලත් සමත් විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මහනුවර උසස් බාලිකා විදුහල පිළිවෙලින් එහි වයස 12 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගත්තේය.
වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී 3-1 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට රාජකීය විදුහල සමත් වූ අතර බාලිකා අවසන් මහ තරගයේදී 3-0 ක් ලෙස කෑගලු බාලිකා විද්‍යාලය පරාජය කිරීමට ධර්මාශෝක විදුහල සමත් විය.
එහිදී අකිල් තිලකසේකර, ඉසිත බාලසූරිය, දිරාන් හාමර්, ජනිත් බටුගෙදර සහ ලිතුම් කරුණාසේන රාජකීය විදුහල් කණ්ඩායම නියෝජනය කළ අතර චන්මිනී බිහාරා, විනුකි ජනිත්මා, දිව්‍යා ධරණි, ලෙසන්‍යා සෙතුම්දි සහ සින්දුමී දහම්සා ධර්මාශෝක විදුහල් බාලිකා කණ්ඩායම නියෝජනය කළහ.
වයස 12 න් පහළ බාලක අවසන් මහ තරගයේදී 3-1 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කිරීමට ධර්මාශෝක විදුහලත්, බාලිකා අවසන් මහ තරගයේදී 3-2 ක් ලෙස ධර්මාශෝක විදුහල පරාජය කිරීමට මහනුවර උසස් බාලිකා විදුහලත් සමත් විය.
අකිත රන්දිල්, ඔනෙල් ශෂ්මික, මොනිෂ් රන්දුල, සැනන් දුල්ජිත් සහ ඔනෙත් සෙන්සිත් ධර්මාශෝක වයස 12 න් පහළ බාලක කණ්ඩායම නියෝජනය කළ අතර යෙහන්සා මිරිහාන, මහීෂා ජයරත්න, රෙනුමි පටබැඳි සහ සහේලි සිරිවර්ධන උසස් බාලිකා කණ්ඩායම නියෝජනය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.