Last Update  :  2025-01-13 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදාව : ගුවන් හමුදාව හෑන්ඩ්බෝල් ශූරතා දිනයි

යුද හමුදාව : ගුවන් හමුදාව හෑන්ඩ්බෝල් ශූරතා දිනයි

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ ‘ඊගල්ස්’ අභියෝග කුසලාන හෑන්ඩ්බෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදා කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කණ්ඩායමත් සමත් විය. 

මෙම තරගාවලිය සදහා ත්‍රිවිධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම්, හෑන්ඩ්බෝල් ක්‍රීඩා සංගම් හා පාසල් හෑන්ඩ්බෝල් කණ්ඩායම් නියෝජනය කරමින් පිරිමි අංශයෙන් කණ්ඩායම් 9 ක්ද, කාන්තා අංශයෙන් කණ්ඩායම් 6 ක්ද සහභාගි විය. 

එම කණ්ඩායම් අතරින් පිරිමි අංශයේ අවසන් මහ තරගය සදහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබු අතර කාන්තා අංශයේ අවසන් මහ තරගය සදහා ශ්‍රී  ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබීය. 

පිරිමි අවසන් මහ තරගයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම ලකුණු 38 බැගින් සම ලකුණු ලබාගැනිම හේතුවෙන් දෙපිලටම දඩුවම් පහර 5 බැගින් ලබා දුන්නේය. එහිදී ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරදවා ජය ලැබීය. කාන්තා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් ලකුණු 22-18 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩාම පරාජය කරන ලදී. 

තරගාවලියේ පිරිමි අංශයේ දක්ෂතම දැල රකින්නා ලෙස යුද හමුදා කණ්ඩායමේ ඒ.පී. විරසිංහද දක්ෂතම පහර දෙන්නා ලෙස නාවික හමුදා කණ්ඩායමේ සී.පී. විජේන්ද්‍රද, දක්ෂතම ආරක්ෂා කරන්නා ලෙස යුද හමුදා කණ්ඩායමේ පී.කේ. තිලකරත්නද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදා කණ්ඩායමේ එම්.ආර්. ගුණවර්ධනද කුසලාන දිනාගත්හ.

කාන්තා අංශයෙන් දක්ෂතම දැල් රකින්නිය ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ ඩී.එස්. ප්‍රනාන්දුද, දක්ෂතම පහර දෙන්නිය ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ එම්.එස්. මුණිදාසද, දක්ෂතම ආරක්ෂා කරන්නිය ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ ඩබ්.පී. එරන්දිද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ පී.ආර්. නිර්මානිද කුසලාන ලබා දිනාගැනීමට සමත් වූහ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. 


අදහස් (0)

යුද හමුදාව : ගුවන් හමුදාව හෑන්ඩ්බෝල් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.