Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

editorial - 2024 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

වස්කඩුව සිට්‍රස් හෝටලයේ පැවති  පොදු රාජ්‍ය මණ්ඩලයීය අධි වේගී (බ්ලිට්ස්) චෙස්  තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩක කීඩිකාවෝ සමත්වූහ. ශ්‍රී ලංකා චෙස්  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගත්හ. 

කොළඹ මියුසියස් බාලිකා විදයාලයේ සනුදුලා දහම්දි, මහනුවර මහාමායා බාලිකා විදයාලයේ අමීෂා විජේසිංහ, කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්දයා සහ කොළඹ ආනන්ද විදයාලයේ තෙහස් රිත්මිත රන් පදක්කම් දිනා ගත්හ.

උපේක්ෂ දිසානායක, ඒෂා පල්ලේ , එන්. බී. අයි. ගල්කොටුව, තෙරුනි ජයසුන්දර, සෙතික සමරවීර, එල්.ලීලානන්ද සහ එලීෂා ප්‍රනාන්දු ලෝකඩ පදක්කම් දිනාගත්හ. 

මේ තරගාවලියේ අනෙක් රන්,රිදී සහ ලෝකඩ පදක්කම් සියල්ලම දිනා ගැනීමට සමත්වූයේ ඉන්දීය චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. ඉන්දියාව රන් පදක්කම් 9ක්, රිදී පදක්කම්13 ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් අධි වේගී චෙස් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ සමස්ත පදක්කම් 28ක් දිනා ගනිමින්ය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.