Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ගම්පහ තිලකරත්න දිසානායක)
දැනට තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව සම්බන්ධ තහනම කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල එය ජාතික ක්‍රීඩාවක් වශයෙන් ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා පැවසීය.
පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලා සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.
කොරතොට පරපුරේ අංගම්පොර සටන් ශිල්පී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් ශිල්පය ලබාදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්පී කණ්ඩායම විසින් මෙම සංදර්ශන ඉදිරිපත් කළහ.
මෙහිදී අජන්ත මහන්තආරච්චි ඇදුරාණන් අදහස් දක්වමින්, සුදු අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් ක්‍රමයට බියව වර්ෂ 1815 ඔක්තෝම්බර් මස 5 වෙනි දින මෙම සටන් ක්‍රමය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු රජයකින් පියවර ගෙන නැති බැවින් එම තහනම ඉවත් කර දෙන ලෙසට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
" අංගම්පොර සටන් කලාව පිළිබඳව අද ඊයේ නොව, බටහිර අධිරාජ්‍යවාදී සමයේදී තහනමක් සිදු කර තිබෙනව.මේ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක් කරගෙන යනව. අපි ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල , ගැසට් මගින් එය ඉවත් කිරීමට කටයුතු කරනව. මෙය අනිවාර්යයෙන්ම මෙම වසර තුල ඉටු කිරීමට කටයුතු කරනව." යයි ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
"ජන ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම අපි කළ යුතු කාර්යයක්. අංගම්පොර සටන් කලාව දෙස බැලූවිට ප්‍රවර්ධනය කළ යුතුම දෙයක්. මෙම සටන් කලාව දෙස බැලූවිට අපගේ අනෙකුත් ක්‍රීඩාවන්හි මූලික අඩිතාලම අංගම්පොර සටන් කලාව තුල තිබෙනව"
"එක් පැත්තකින් ආත්ම ආරක්ෂාව වෙන්න පුළුවන්. පෞරුෂත්වය වෙන්න පුළුවන්. ඒ වාගේම කායික හා මානසික ශක්තිය ක්‍රීඩකයෙකුට අවශ්‍යයි. මේ නිසා අපි විශ්වාස කරනව , අංගම්පොර වැනි දේශීය ක්‍රීඩාවන් තුල අපිට හැකියාව ලැබෙයි අනාගතයේ දී කායික හා මානසික ශක්තියක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ රට තුල බිහි කිරීමට. ඒ නිසා දේශීය ක්‍රීඩා නොමැතිනම් ජන ක්‍රීඩා ශක්තිමත් කිරීම අපි කළ යුතුයි. "
"මෙය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන ආකාරය අපි දකිනව. ඉන්දියාව ,ජපානය ,චීනය වැනි රටවල් ගතහොත් තමන්ගේ සංස්කෘතියට ආවේණික වූ ක්‍රීඩාවලට ප්‍රමුඛත්වය ලබාදී තිබෙනව, විශේෂයෙන්ම කුඩා කාලයේ පටන්ම"
"මේ නිසා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව, තහනම ඉවත්වීමත් සමගම අංගම්පොර සටන් කලාව පාසල් මට්ටමටත් රැගෙන යාමට හැකියාව ලැබේවි " යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ගම්පහ පුරපති එරංග සේනානායක, මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනී සුදීමා චාන්දනී ,එහි උප සභාපති අජන්ත වික්‍රමආරච්චි, අමාත්‍යංශ ලේකම්වරුන් වන අනුරාධ විජේකෝන් සහ රවීන්ද්‍ර සමරවික්‍රම, ගම්පහ අතිරේක දිසාපති සුගත් කිත්සිරි , මහර ප්‍රාදේශීය ලේකම් ශිරන්ති විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.