Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අතරමැදි බොක්සිං තරගාවලිය ඇරඹේ

අතරමැදි බොක්සිං තරගාවලිය ඇරඹේ

editorial - 2023 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන අතරමැදි බොක්සිං තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 123 දෙනකුගේ සහභාගීත්වයෙන් අද (22 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

වයස අවුරුදු 19 ත් 40 ත් අතර ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ, සහ ස්ටබ්ස් පළිහ යන බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ ලබාගත් තරගකරුවන් 96 ක් සහ තරගකාරියෝ 27 ක් මෙම තරගාවලියට සහභාගිවී සිටිති. 

පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලාන, ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිවලට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබති. 

මෙහි සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය මගින් හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් මහ තරග 25 වැනිදා පස්වරු 3.00 සිට පැවැත්වෙන අතර එදිනම පස්වරුවේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ.


අදහස් (0)

අතරමැදි බොක්සිං තරගාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.