Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් පළාත් චෙස් තරගාවලි 20 - 21

අන්තර් පළාත් චෙස් තරගාවලි 20 - 21

editorial - 2022 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන වයස් කාණ්ඩ බාලක ,බාලිකා අන්තර්  පළාත් වේගී හා අධි වේගී චෙස් තරගාවලි දෙක  පළාත් හතරක අගෝස්තු මස 20 සහ 21 දෙදින පැවැත්වේ .

දකුණ, සබරගමුව, උතුර හා වයඹ යන පළාත් හතරේ මේ තරගාවලි පැවැත්වෙන අතර දකුණු පළාත් තරගාවලි ගාල්ල දොඩන්දුව රෝහණ විද්‍යාලයේදී පැවැත්වේ. සබරගමුව පළාත් තරගාවලිය රත්නපුර මුද්දුව ශ්‍රී සුමන විද්‍යාලයේද උතුරු පළාත් තරගාවලි යාපනය හින්දු විද්‍යාලයේද වයඹ පළාත් තරගාවලි කුරුණෑගල උහුමීය ඩි .එස් .සේනානායක විද්‍යාලයේද පැවැත්වේ .

මේ සෑම තරගාවලියක්ම වයස 8න් පහල 10න් පහල 12න් පහල 14න් පහල බාලක බාලිකා ලෙස හා විවෘත ලෙස පැවැත්වේ.

වයස 16න් පහල හා 18න් පහල වයස් කාණ්ඩ බාලක ,බාලිකා  තරගාවලි සෘජුවම සමස්ත ලංකා තරගාවලිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ .

මේ පළාත් හතරේ පැවැත්වෙන වේගී හා අධිවේගී චෙස් තරගාවලි දෙකෙන් වේගී චෙස් තරගාවලිය අගෝස්තු මස 20 වැනිදා ද අධිවේගී චෙස් තරගාවලිය අගෝස්තු මස 21 වැනිදා ද පැවැත්වේ .


අදහස් (0)

අන්තර් පළාත් චෙස් තරගාවලි 20 - 21

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.