Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අයි.සී.සී රැස්වීමට හතර දෙනෙක් යති

අයි.සී.සී රැස්වීමට හතර දෙනෙක් යති

Nisanka Sandeepani - 2019 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීහූ සිව්දෙනක් අනිද්දා (28) දිවයිනෙන් පිටත්ව යති.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න සහ හිටපු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගි වීමට ඩුබායි බලා පිටත්වෙති.  

මෙම රැස්වීම ඩූබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී ලබන 2 වැනිදා පැවැත්වේ. 

ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 17.5 ක් හෙවත් රුපියල් කෝටි 315 කට ආසන්න මුදල හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෝ සූදානම් වෙති. 

ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රැස්වීමේදී ඡන්ද බලය සහ යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය නොමැතිව සහභාගිත්වයට පමණක් සීමාවී සිටියේය. ඒ හේතුවෙන් මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා නියෝජිතයන් පිළිගෙන සභාවේ අසුන්ගැන්වීමට නියමිත බව ද වාර්තා වේ.       

 


අදහස් (0)

අයි.සී.සී රැස්වීමට හතර දෙනෙක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.