Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අල්කසබා යළිත් ජය මාවතේ

අල්කසබා යළිත් ජය මාවතේ

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------------------

ශානුක අරවින්ද

-------------------------------------

නුවරඑළිය තුරඟ තරග සමය ආරම්භ කරමින් රාජකීය තුරඟ තරග සමාජය (ආර්.ටී.සී.) මෙම වසර (2021) සඳහා සංවිධානය කළ තුරඟ තරග මාලාවේ පළමු අදියර වූ ‘ස්ප්‍රිං ඇන්ඩ් සමර්’ කුසලාන තරගාවලියේදී කැපී පෙනෙ දස්කම් දැක්වීමට අල්කසබා වෙළඹ සමත් විය.

තරග 5 කින් සමන්විත වූ එම තරගාවලියේදී තරග තුනකම ජය තමන් සතු කර ගැනීමට ජයරත්න අශ්වගාලෙහි හිමිකරුවෝ සමත් වූහ. අල්කසබා වෙළඹ විසින් ගෙනෙන ලද එම ජයග්‍රහණය තහවුරු වූයේ තරගාවලියේ ප්‍රධානම තරගය වූ ස්පෝටිං ටයිම්ස් කුසලාන තරගයත් ජයගනිමිනි.

රියෙන්සි එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය හිමිකාරීත්වය දරන අල්කසබා වෙළඹ එම ජයග්‍රහණය සඳහා මෙහෙයවූ අසරුවා වූයේ එස්.ඩී. ජානකය.  මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ස්පෝටිං ටයිම්ස් කුසලාන තරගයේදී ජයරත්න අශ්වගාලට අයත් අසුන් වන ‘නයිට් ඔෆ් ද කී’ සහ ‘වෙස්ටන් වින්ඩ්’ යන අසුන් පසුපසට ඇද දමමින් ‘අල්කසබා’ වෙළඹ ජයග්‍රාහී සීමාව පසු කළාය.

කේ. සංජීවන් විසින් මෙහෙයවන ලද ‘වෙස්ටන් වින්ඩ්’ අසු එම තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර පී. දිනේෂ් විසින් මෙහෙයවන ලද ‘සන්තෝෂ්’ අසු එහි තෙවැනි ස්ථානයට පත් විය. එහිදී නයිට් ඔෆ් ද කී අසුට හිමිවූයේ තරගයේ සිවුවැනි ස්ථානයයි. වෙස්ටන් වින්ඩ් අසුගේ හිමිකරුවා වන්නේ ගාමිණී ජයරත්න මහතාය. සන්තෝෂ් අසුගේ හිමිකරුවන් වන්නේ රියෙන්සි එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මියයි.  

ජයරත්න අශ්වගාලට හිමිවූ ජයග්‍රහණ ත්‍රිත්වයෙන් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ‘අනදර් ඒස්’ අසු මෙහෙය වූ කේ. සංජීවන් සමත් වූයේ මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ‘බ්ලැක් පූල් හොටෙල්’ කුසලාන තරගය ජයගනිමිනි. එම තරගය ආරම්භයේදී පෙරමුණ ගැනීමට ඒ. සුරේෂ් විසින් මෙහෙයවන ලද ‘ඇරිකා වොන්ඩර්’ අසු සමත් වුවද, දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ‘අනදර් ඒස්’ විසින් ‘ඇරිකා වොන්ඩර්’ පසුකර යමින් තරගයේ ජය ලබාගත්තේය. මෙම තරගයේදීම එස්.ඩී. ජානක විසින් මෙහෙයවන ලද ‘රොස්වල්ඩ්’ නම් අසු එම තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ‘බ්‍රිලියන්ට් කට්’ සහ ‘කාල්ටන්’ යන අසුන් පරාජය කරමිනි.

වී. යෝගරාජ් විසින් මෙහෙයවන ලද ස්ටාර් ස්කෝලර් අසු, ජයරත්න අශ්වගාලට අයත් තවත් ජයග්‍රහණයක් අත්කර දුන්නේ මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ‘එඩ්වඩ්ස් කලෙක්ෂන්’ කුසලාන තරගයේදී එම්. ඉෂාන්ත් විසින් මෙහෙයවන ලද විගරස් අසු සමග කරන ලද කරට කර තරගයකින් අනතුරුවය.

කේ. සංජීවන් විසින් මෙහෙයවන ලද ෆියර්ලස් අශ්වගාලේ ‘ඔලිවර්’ නම් අසු තෙවැනියා ලෙස ‘එඩ්වඩ්ස් කලෙක්ෂන්’ කුසලාන තරගය නිමා කළේය. ‘ඇරබියන් ගෝල්ඩ්’ අසු සිවුවැනියා ලෙස එම තරගය අවසන් කළ අතර බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ග්ලිටරින් අසුට තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

ජයරත්න අශ්වගාලට තෙවැනි ජයග්‍රහණය අත්කර දීමට වී. යෝගරාජ් විසින් මෙහෙයවන ලද වේටිං ෆෝ ද ග්ලෝරි සමත් වූයේ මීටර් 1070 ක දුරකින් සමන්විත වූ ‘වෙජිබෙස්ට් මොරිෂස්’ කුසලාන තරගය ජයගනිමිනි. මිස් අයිවරි වෙළඹ එම තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේ ඒ. සුරේෂ්ගේ මෙහෙයවීම යටතේය. ක්‍රාබි අසු එම තරගයේ තෙවැනි ස්ථානය කරා මෙහෙයවීමට පී. දිනේෂ් සමත් විය.

ආරම්භයේ සිට පෙරමුණ ගත් නයිට් කිං අසු පසුකර යමින් මීටර් 1070 ක දුරකින් සමන්විත වූ ‘වෙජිබෙස්ට් ඉන්ටනැෂනල්’ කුසලාන තරගය ජය ගැනීමට ඔනරස් අසු සමත් වූයේ ෆියර්ලස් අශ්වගාලට මෙම තරගාවලියේ එකම ජයග්‍රහණය හිමිකර දෙමිනි. එහිදී කේ. සංජීවන් විසින් ඔනරස් අසුද, වී. යෝගරාජ් විසින් විසින් නයිට් කිං අසුද මෙහෙයවනු ලැබූහ. නයිට් කිං අසුගේ හිමිකාරිණිය ලෙස නිෂාරා ජයරත්න මෙනවිය කටයුතු කළාය. පී. දිනේෂ් විසින් මෙහෙයවන ලද සූලූ ෆැන්ටසි අසු එම තරගයේ තෙවැනි ස්ථානයද, ස්ටාර් ඒස් අසු එහි සිවුවැනි ස්ථානයද හිමිකර ගත්හ.

මෙම තරගාවලියෙන් පසුව ආණ්ඬුකාර කුසලාන, රැජින කුසලාන සහ නගරාධිපති කුසලාන වැනි වසර ගණනාවක් පුරා පැවැත එන තරගද අප්‍රේල් මාසය තුළදී පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය මෙන්ම එම තරගාවලිද දැඩි සෞඛ්‍ය උපදෙස් සහ නීරි රීති මත සංවිධානය කිරීමට රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටියි.


අදහස් (0)

අල්කසබා යළිත් ජය මාවතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.