Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මූවර්ස්, සී.සී.සී, යුදහමුදාව සහ එන්.සී.සී. කණ්ඩායම් අද (23 වැනිදා) සමත්විය.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී ගාල්ල පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මූවර්ස් පිල සමත්වූ අතර ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිල සමත්විය.
එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරග වලදී සී.සී.සී සහ රාගම කණ්ඩායම් අතර තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ අතර පසුව පැවැති සුපිරි ඕවරයේ ජය සී.සී.සී පිලට හිමිවිය. හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 51 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්විය.
මූවර්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගයත් සී.සී.සී සහ එන්.සී.සී කණ්ඩායම් අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයත් 25 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් තරගය 27 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූවර්ස් පිලට කඩුලු 4 ක ජයක්
ගාල්ල සහ මූවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ගාල්ල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 131
(සමීන් කඳනආරච්චී 43, ශිරාන් ප්‍රනාන්දු 25/3, අදීශ තිලංචන 24/2)
මූවර්ස් - ඕවර 18.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 132
(පබසර වඩුගේ 31, චාමර සිල්වා 39, ඉරෝෂ් සමරසූරිය 24, රජීව වීරසිංහ 21/2)
ලකුණු සමවිය (සුපරි ඕවරයේ ජය සී.සී.සී පිලට)
සී.සී.සී සහ රාගම කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
සී.සි.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 160
(මාධව වර්ණපුර 36, අශාන් ප්‍රියංජන් 31, ළහිරු මදුශංක නොදැවී 26, නිශාන් පිරීස් 28/2)
රාගම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160
(දිනෙත් තිමෝද්‍යය 35, රොෂේන් සිල්වා 36, ජනිත් ලියනගේ 41, මාලින්ද පුෂ්පකුමාර 37/2)
යුදහමුදා පිලට ලකුණු 51 ක ජයක්
යුදහමුදාව සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 173
(අසේල ගුණරත්න 40, හිමාෂ ලියනගේ 30, සීකුගේ ප්‍රසන්න 61, තීක්‍ෂිල ද සිල්වා 35/3, චතුර රංදුණු )
හලාවත මේරියන්ස් - ඕවර 15.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(තීක්‍ෂිල ද සිල්වා 38, ඉරෝෂ් ප්‍රනාන්දු 21, ජනක සම්පත් 14/3, සීකුගේ ප්‍රසන්න 25/3, දුෂාන් විමුක්ති 26/2)
එන්.සි.සී පිලට ලකුණු 45 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 184
(ළහිරු උදාර 94, චතුරංග ද සිල්වා 56, ප්‍රමෝද් ලියනගමගේ 25/3)
ද්‍රවිඩ සංගමය - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(ළහිරු මිලන්ත 61, ජීවන් මෙන්ඩිස් 36, චතුරංග ද සිල්වා 12/3, දිලේෂ් ගුණරත්න 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.