Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවිශ්ක - මධුමාලි සුපිරි ඉසව් දිනති

අවිශ්ක - මධුමාලි සුපිරි ඉසව් දිනති

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉසව් හතකින් සමන්විතව පැවති කාලය මැනීමේ නෙස්ටමෝල්ට් ශූරතා පාපැදි තරග මාලාවේ ඉහළම ඉසව්ව වන සුපිරි පිරිමි තරගයේ ජය පළපුරුදු පාපැදි ශූරයෙකු වන යුද හමුදාවේ අවිෂ්ක මැඩොන්සාට හිමි විය. එහි කාන්තා තරගයේ ජය හිමිවූයේ මධුමාලි ප්‍රනාන්දුටය. ඇයත් යුද හමුදාවේ ක්‍රීඩිකාවකි.

එහිදී දෙවැනි හා තෙවැනි ස්ථාන අත්කර ගත් සඳරුවන් පින්තු හා සුභාෂ් මධුශංඛ හා පැය 1 විනාඩි 06 තත්පර 03 ක කාලයකට ඉසව්ව නිමා කළහ.

කොළඹ විහාර මහ දේවි උද්‍යානය වටා මාර්ගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම පාපැදි තරග මාලාව පැවැත්වුණි.

මෙහිදී සුපිරි කාන්තා තරගයේ ජය තියුණු නිමාවකින් පසුව හිමිවූයේ යුද හමුදා ක්‍රීඩිකා මධුමාලි ප්‍රනාන්දුටය. කිලෝමීටර් 28 ක දුරක් ඇය නිමා කළේ විනාඩි 51 තත්පර 29 කටය. දෙවැනි තැනට පත් නාවික හමුදා ක්‍රීඩිකා ඈන් ෂෙනාලිගේ නිමි කාලයත් එයම වූවාය.

නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ මෙම තරග මාලාවට අනුග්‍රහය දැක්වීය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එය සංවිධානය කළේය.

කාලය මැනීමේ එම පාපැදි තරග මාලාවේ සුපිරි කාණ්ඩයේ තරග ප්‍රතිඵල
පිරිමි (කිලෝමීටර් 48) –
1. අවිෂ්ක මැඩොන්යා (යුද හමුදාව – පැය 1 විනාඩි 06 තත්පර 03)
2. සඳරුවන් පින්තෝ (යුද හමුදාව – 1.06.03)
3. සුභාෂ් මධුශංඛ (නාවික හමුදාව – 1.06.03)

කාන්තා (කිලෝමීටර් 28)
මධුමාලි ප්‍රනාන්දු (යුද හමුදාව – විනාඩි 51 තත්පර 29)
ඈන් ෂෙනාලි (නාවික හමුදාව - 51.29)
සුලෝචනා පත්මාලි (ගුවන් හමුදාව 51.30)

සුපිරි කාන්තා තරගයේ ජයග්‍රාහිකාවෝ ආරාධිත අමුත්තන් සමග
ඡායාරූපයේ වමේ සිට නෙස්ලේ ලංකා සමාගමේ අලෙවි ප්‍රවර්ධන කළමනාකරු සජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එයා වයිස් මාර්ෂල් කිත්සිරි ලීලාරත්න, නෙස්ලේ ලංකා සමාගමේ සහකාර උප සභාපතිනි (සන්නිවේදන) රදිනි ද කොස්තා, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි යන මහත්ම මහත්මීහු

 

සුපිරි පිරිමි තරගයේ ජයග්‍රාහී ක්‍රීඩකයෝ තිදෙනා


අදහස් (0)

අවිශ්ක - මධුමාලි සුපිරි ඉසව් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.