Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රාහකයාට රුපියල් 50,000ක් බැගින් ප්‍රදානය කෙරෙන ස්ටෑන්ඩඩ් පාපැදි සහ මාර්ග ධාවන තරග මාලාවක් රටේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ.
උදාවෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීම නිමිති කරගෙන මෙම තරග මාලාව අප්‍රේල් 11 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා පාපැදි හා මාර්ග ධාවන තරගකරුවන් වෙතින් අප්‍රේල් 9 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීම සිදු කෙරේ. අයැදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින ක්‍රීඩා නිලධාරීන්ට බාරදිය යුතු බව තරග සංවිධායකයෝ පවසති.
ක්‍රීඩා අමාත්‍යාංශය, පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ‘සෞභාග්‍ය දැක්ම’ වැඩසටහන යටතේ මෙම තරග මාලාව සංවිධානය කෙරේ.
පාපැදි තරගාවලියේ මෙන්ම මාර්ග ධාවන තරගාවලියේත් දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා රුපියල් 25,000 ක් සහ රුපියල් 10,000 ක් බැගින් ප්‍රදානය කෙරේ.
10 වැනි ස්ථානය තෙක් තවත් මුදල් ත්‍යාග ගණනාවක් ද ප්‍රදානය කෙරේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.