Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාග් පාපැදි තරගාවලිය සඳහා මොරටුවේදී පැවැති මූලික තේරීම් තරගාවලියේදී වරාය ක්‍රීඩක අවිෂ්ක මැඩොන්සා පැයට කිලෝමීටර් 45.26 ක වේගයක් රඳවා ගනිමින් දක්‍ෂතා දැක්වීමට සමත්විය. එහිදී සාග් කාන්තා මූලික තේරීම් තරගාවලියේදී ක්‍රීඩිකාවන්ගේ දස්කම් පහළ මට්ටමක පැවති අතර ගුවන් හමුදා ක්‍රීඩිකා පංචාලි සුලෝචනා පැයට කිලෝමීටර් 35.52 උපරිම වේගයෙන් රඳවා ගත් තරඟකාරිය බවට පත්වූවාය.
දිවයිනේ නමගිය පාපැදි ක්‍රීඩා සමාජ හයකට අයත් තරගකරුවන් 60ක හා තරගාකාරියන් 16ක සහභාගිත්වයෙන් සාග් පූර්ව පාපැදි තේරීම් තරග මාලාව පැවැත්වුණි.
‘ලංකාදීප’ය කළ විමසුමකදී ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා පැවසුවේ සාග් පාපැදි (පිරිමි) රන් පදක්කම අපේක්‍ෂා කරන ශ්‍රී ලංකාවේ තරගකරුවකු අවම වශයෙන් පැයට කිලෝ මීටර 45ක වේගයෙක් රඳවා ගත යුතු බවයි.
ශ්‍රී ලංකාව සාග් ක්‍රීඩා උළෙලේදී පාපැදි ක්‍රීඩාවෙන් දැක්වූ ඉහළම දස්කම් 2006 කොළඹ සාග් ක්‍රීඩා උළෙලේදී වාර්තා විය. එහිදී ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි රන් පදක්කම් හයෙන් පහක්ම දිනාගැනීමට සමත් විය. එසේ වුවත් අවසන්වරට පැවැති (2016 දී) ගුවහටි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ගණන දෙකකට සීමාවිය.
උපාලි රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් මේ වනවිට ක්‍රීඩකයන් 60 දෙනෙකු හා ක්‍රීඩකාවන් 15 දෙනකුගෙන් සමන්විත සාග් කාන්තා පිරිමි පාපැදි සංචිතයන්හි පුහුණුවීම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි. එහිදී ලබන මාර්තු හා මැයි යන මාසවලදී දෙවැනි හා තෙවැනි තේරීම් තරග පැවැත්වීමෙන් පසුව ලබන ජුනි මාසයේදී ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත නේවාසික ස්ථිර සංචිතය ආරම්භ කෙරේ.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය එහිදී දිගටම පවත්වා ගෙන යාමට නියමිතය. එහිදී සාග් ක්‍රීඩා උළෙලට හා ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි පාපැදි කණ්ඩායම් ලබන අගෝස්තුවේ පමණ නිර්දේශ කිරීමට දැනට සැලසුම් කර තිබේ.
නේපාලයේදී මෙවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරග මාලාවට අලුතින් කාන්තා හා පිරිමි මවුන්ටන් පාපැදි ඉසව් කීපයක් ද හඳුන්වා දී තිබේ.
ගුවාහටි සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ජීවන් ජයසිංහ දැන් පැවැත්වෙන පූර්ව සාග් පාපැදි පුහුණු සංචිතයට ඇතුළත් ව නොමැත.
සාග් පාපැදි පූර්ව තේරීම් තරග මාලාවේදී හොඳම වේගයක් වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ...
පිරිමි ජ්‍යෙෂ්ඨ තරගය (දුර කිලෝමීටර් 9.7) -
■ අවිෂ්ක මැඩොන්සා (වරාය - වේගය කිලෝමීටර් 45.26)
■ සජිත් ගයන්ත (වරාය - 43.72)
■ ධනුෂ්ක දිල්ෂාන් (සුපර්විල් - 43.67),
■ ප්‍රභාත් මධුසංඛ (නාවික හමුදාව- 43.38)
■ ඬේන් නුගේරා (ගුවන් හමුදාව - 43.26),
■ බුද්ධික වර්ණකුලසූරිය (43.02)
කාන්තා ජ්‍යෙෂ්ඨ තරගය- (දුර කිලෝමීටර් 9.7)
■ පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව - වේගය කිලෝමීටර් 35.52),
■ උදේෂිනී නිරංජිනි (යුදහමුදාව - 34.85),
■ දිනේෂා දිල්රුක්‍ෂි (ගුවන් හමුදාව - 34.75),
■ මධුමාලි ප්‍රනාන්දු (ගුවන් හමුදාව - 33.92),
■ ෂාලිකා දිල්හානි (යුද හමුදාව - 33.84),
■ ලක්‍ෂමී සුභාෂිණි (ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව - 33.74),
■ මධුෂානි රණසිංහ (ගුවන් හමුදව - 33.06)
පිරිමි - කනිෂ්ඨ තරගය (දුර කිලෝමීටර් 9.7) -
■ හසිත දුලංජන (වේගය කිලෝමීටර් 39.34),
■ තරුෂ නිර්මාණ (39.05),
■ කේෂාන් මධුරප්‍රභා (38.97),
■ ක්‍රිෂාන් සංජුල (37.06).
කාන්තා කනිෂ්ඨ තරගය (දුර කිලෝමීටර 9.7) -
■ ඈන් ෂෙනාලි පෙරේරා (වේගය කිලෝමීටර් 32.49),
■ ප්‍රවීනා සපරමාදු (31.79),
■ වින්ද්‍යා කේෂානි (26.48)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.