Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 වසරේ සැප්තැම්බර් මාස චීනයේදී පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පිහිටුවීමට නියමිත ජාතික වුෂූ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම අදියර දෙකකින් මහනුවරදී සහ මාතරදී පැවැත්වේ. එහි පළමු අදියර ඔක්තෝබර් මස 10 සහ 11 යන දිනවල මහනුවර දිගන ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර දෙවැනි අදියර ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 1 යන දිනවල මාතර කොටවිල ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මෙම තෝරාගැනීමේ පරීක්ෂණය සඳහා අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට අයැදුම් කළ හැකිය. නැතහොත් පරීක්ෂණය පැවැත්වෙන දෙදින උදෑසන අදාල ස්ථානයන්ට පැමිණද ඊට සහභාගි විය හැකිය. මේ සඳහා වූෂූ ක්‍රීඩකයන්ම වීම අනිවාර්ය නොවන අතර වූෂූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවූවද, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති ඕනෑම අයකුට මෙම පරීක්‍ෂණ සඳහා සහභාගි විය හැකිය.
මෙම පරීක්ෂණයෙන් තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීන ජාතික විශේෂඥ පුහුණුකරුවන් යටතේ ශ්‍රී ලංකාවේදී සහ චීනයේදී විශේෂ පුහුණු සැසිවලට සහභාගී වීමේ අවස්ථාව උදාවන බව වුෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා පවසයි.
ජාතික වුෂූ පුහුණුකරු රුචිර බෝධිනාගොඩ මහතා (075-0351008) ඇමතීමෙන් පරීක්ෂණය පිළිබඳ වැඩි දුර තොරතුරු දැනගත හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.