Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කැරම් තරගාවලියට යති

ආසියානු කැරම් තරගාවලියට යති

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

ආසියානු කුසලාන කැරම් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම පසුගියදා  මාලදිවයින බලා පිටත් විය. මෙම තරගාවලිය රටවල් රැසකගේ සහභාගීත්වයෙන් මාලේ අගනුවර දී ආරම්භ වීමට නියමිතය. 

හිටපු කැරම් ලෝක ශූරයා වන නිශාන්ත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිරිමි පිලේ නායකත්වය දරයි. ජාතික ශූරතා රැසක් දින සිටින ප්‍රවීණ ක්‍රීඩීකා ජෝශප් රොශිටා ශ්‍රී ලංකා කාන්තා පිලේ නායකත්වය දරයි. 

මෙවර ආසියානු කැරම් තරගාවලිය මේ මස 27 වැනිදා සිට මැයි මස 01 දා දක්වා ඉසව් 05කින් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම 
සහීඩ් හිල්මි, අනාස් අහමඩ් සහ හසිත අනුරුද්ධ

ශ්‍රී ලංකා කාන්තා කැරම් කන්ඩායම 
තරුශී හිමහන්සිකා, ටශ්මිලා කාවින්දි  සහ හිරුශි මල්සානි


අදහස් (0)

ආසියානු කැරම් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.