Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කොන්ටිනෙන්ටල් ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු කොන්ටිනෙන්ටල් ශූරතාව ශ්‍රී ලංකාවට

Nisanka Sandeepani - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති ආසියානු කොන්ටිනෙන්ටල් කරාටේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගත්තේය. මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක්ද , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගත්තේය.

ශූරතාවලිය මේ පසුගිය 18 වැනිදා සිට 20 දා දක්වා ආසියානු රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක පමණ සහභාගිත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැත්විණ. 

මෙම ශූරතාවලිය සඳහා පෝලන්තය, රුමේනියාව සහ මෝල්ටාව යන යුරෝපා රටවල ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක්ද සහභාගී වී සිටියහ. තරගාවලිය සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඉන්දීය ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුග්‍රහය හිමි වී තිබුණි.


ආසියානු කරාටේ සම්මේලනයේ ඉදිරි වසර 04 සදහා නව නිලධාරී මණ්ඩලයේ උප සභාපතිවරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ රෝහණ විජේමාන්න මහතා තේරී පත් විය. 

 

ඡායාරූප : කටුනායක ටී.කේ.ජී.කපිල

 


අදහස් (0)

ආසියානු කොන්ටිනෙන්ටල් ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.