Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල කොළඹදී ස්ථිරයි

ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල කොළඹදී ස්ථිරයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්වැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී (2017) ශ‍්‍රී ලංකාවේ සත්කාරකත්වය ස්ථිර බව ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති අහ්මඞ් සහබ් අල් සබහ් මහතා ඉංචියොන්හි ප‍්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (21) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය. ක‍්‍රීඩා උළෙල කොළඹට මාරු කිරීමට සහ ක‍්‍රීඩා ඉසව්ව සංඛ්‍යාව අඩු කිරීමට ආසියානු ඔලිම්පික් කමිටුව නම්‍යශීලිව කටයුතු කරන බවද ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.  

ආසියානු ක‍්‍රීඩා උළෙලට සමාගාමීව ආසියානු ඔලිම්පික් කමිටුවේ විශේෂ රැස්වීමක් පෙරේදා (20) ඉංචියොන්හිදී පැවැති අතර එහි තීරණ දැනුම්දීම සදහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණි.

එම විශේෂ රැස්වීමට ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්්වෙල් ද සිල්වා මහතා ඇතුඵ නිලධාරීහූ සහභාගි වූහ.

ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල 2017 වසරේ හම්බන්තොට පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ දක්වා එහි සූදානම පිළිබදව ආසියානු ඔලිම්පික් කමිටුව සෑහිමට පත් නොවීමෙන් ශ‍්‍රී ලංකාවේ සත්කාරකත්වය අවදානමට ලක්ව තිබුණි.    

”අපිට ගැටළු දෙකක් තිබුණා. එකක් වියට්නාමය 2018 ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි යැයි දැනුම්දීම සහ අනෙක ශ‍්‍රී ලංකාව ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල කොළඹට මාරු කිරීමට යෝජනා කිරීමයි”

”අපි මේ පිළිබදව විශේෂ රැස්වීමක් අගෝස්තු මස කුවේට්හිදී පැවැත්වුවා. 2018 ආසියානු ක‍්‍රීඩා උළෙල ඉන්දුනිසියාවට ලබා දුන්නා. යොවුන් ක‍්‍රීඩා උළෙල කොළඹට මාරු කිරීමට සහ ක‍්‍රීඩා අඩු කිරීමට අපි කැමති වුණා”

”ආසියානු ක‍්‍රීඩා උළෙල වැනි දැවැන්ත ක‍්‍රීඩා උළෙලක් සංවිධානය කරන අපහසු රටවල්වලට වෙරළ ක‍්‍රීඩා, ගෘහස්ථ ක‍්‍රීඩා සහ යොවුන් ක‍්‍රීඩා වැනි වියදම අඩු ක‍්‍රීඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව දෙනවා. එහිදී නව ක‍්‍රීඩා ගම්මාන සහ ක‍්‍රීඩාංගණ ඉදිකිරීම අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. තිබෙන සම්පත්වලින් තරගාවලිය පැවැත්වීමයි මූලික අරමුණ” යැයි සභාතිවරයා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල කොළඹදී ස්ථිරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.