Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇවිදීමේ රන් පදක්කම ඉතාලියේ මැසිමෝට

ඇවිදීමේ රන් පදක්කම ඉතාලියේ මැසිමෝට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කි‍ලෝ මීටර් 20 ඇවිදීමේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ඉතාලියේ මැසිමෝ සැන්ටෝ අද (5 වැනිදා) සමත් විය. තරගය නිමා කිරීමට පැය 1 යි, විනාඩි 21 යි, තත්ත්පර 05 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම පදක්කමට හිමිකම් කීවේය.  

විසිනව හැවිරිදි මැසිමෝ, ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත් එහිදී සිය හොඳම කාලය වාර්තා කිරීමට ඔහු අසමත් විය. ඇවිදීම ඉසව්වේදී ඔහු වාර්තා කර ඇති හොඳම කාලය පැය 1 යි, විනාඩි 17 යි තත්ත්පර  45 කි.

මැසිමෝට වඩා තත්ත්පර 0.09 ක් පසුපසින් තරගය නිමා කළ ජපානයේ කොකී ඉකේඩා (පැය 1:21:14) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ජපානයේම ටොෂිකාසු යමනිෂී (පැය 1:21:28) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මැසිමෝට වඩා තත්ත්පර 0.23 පසුපසින් තරගය නිමා කරමිනි.

-036 


අදහස් (0)

ඇවිදීමේ රන් පදක්කම ඉතාලියේ මැසිමෝට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.