Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇවිදීම රන් පදක්කම පෝලන්තයට

ඇවිදීම රන් පදක්කම පෝලන්තයට

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

කි.මී. 50 තරග ඇවිදීම ඉසව්වේ අවසන් තරගය අද (06දා) පැවැති අතර, එහිදී රන් පදක්කම දිනාගැනීමට පෝලන්තයේ ඩේවිඩ් තොමාලා සමත් විය. ඔහු පැය 3.50.08ක කාලයක් වාර්තා කළේය.

පෝලන්තයේ ඇවිදීමේ ශූරයෙකු වන තොමාලා, ඉකුත් මාර්තු මාසයේ පැවති තරග ඇවිදීම කි.මී. 20 ඉසව්වේ ශූරතාව දිනාගැනීමටද සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව කි.මී. 50 ඉසව්වට පමණක් අවධානය යොමු කළ නොමාලා ජාත්‍යන්තර මට්ටමින් සහභාගි දෙවැනි තරග ඉසව්ව වූයේ මෙම ඔලිම්පික් උළෙලයි.

“මට පුදුම දවසක්. මට විශ්වාස කළ නොහැකි තරම්. මම අවුරුදු 15ක සිට මගේ මුළු ජීවිත කාලයම ඔලිම්පික් සිහිනයක් වෙනුවෙන් කැපවුණා. අවසානයේ මට හැකිවූණා රන් පදක්කම් ලාභියෙක් වෙන්න“ යයි තරගයෙන් අනතුරුව 31 හැවිදිරි තොමාලා පැවසීය.


අදහස් (0)

ඇවිදීම රන් පදක්කම පෝලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.