Last Update  :  2025-03-21 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉෂාන්ගෙන් රිදී පදක්කමක්

ඉෂාන්ගෙන් රිදී පදක්කමක්

editorial - 2022 ජුනි මස 06 348 Views 0 Comment
A A A

නෙදර්ලන්තයේදී පැවැති ‘එන්ඩෝවන් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 51 බර පංතියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර අද (6 වැනිදා) සමත් විය.

ඉෂාන්ට එම ඉසව්වේ රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවූයේ අවසමන් මහ තරගයේදී එංගලන්තයේ එලිස් තෝබි්‍රජ් හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.

අවසන් පූර්ව වටයේදී තොම් මර්ලි පරාජය කරමින් ඉෂාන් කිලෝ ග්‍රෑම් 51 බර පංතියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

2018 වසරේදී පැවැති පොදු රාජ්‍ය මණ්ලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ඉෂාන්, මෙම වසරේදී (2022) පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ලයීය ක්‍රීඩා උළෙලටද සහභාගි වීමට නියමිතය.

-036

 


අදහස් (0)

ඉෂාන්ගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.