Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උස පැනීමේ කාන්තා රන් පදක්කම මාරියාට

උස පැනීමේ කාන්තා රන් පදක්කම මාරියාට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උස පැනීමේ (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රැසියානු ඔලිම්පික් කමිටුවේ මාරියා ලැසිට්ස්කේන් සමත් වූවාය. සෙනසුරාදා පැවැති අවසන් තරගයේදී මීටර් 2.04 ක උසක් පනිමින් ඇය එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවාය.

විසිඅට හැවිරිදි මාරියා, ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර මීටර් 2.06 ක උසක් පැනීම ඇගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වේ.

මින් පෙර ඇය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි 3 කදී, ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලි 2 කදී, යුරෝපීය ශූරතාවලියකදී සහ යු‍රෝපීය ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලි 2 කදීද උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා සිටියාය.

මීටර් 2.02 ක දක්ෂතාවක් දැක්වූ ඕස්ට්‍රේලියාවේ නිකොලා මැක්ඩොම්ට් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර යුක්රේනයේ යරොස්ලාවා මහුච්ක් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 2.00 ක දක්ෂතාවක් දක්වමිනි.

1987 වසරේදී මීටර් 2.09 ක උසක් පනිමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට බල්ගේරියාවේ ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා සමත් වූ අතර 2004 වසරේදී මීටර් 2.06 ක උසක් පනිමින් එහි ඔලිම්පික් වාර්තාව තමන් සතුකර ගැනීමට රුසියාවේ යෙලීනා ස්ලෙසරෙන්කෝ සමත් වූවාය.

-036

 


අදහස් (0)

උස පැනීමේ කාන්තා රන් පදක්කම මාරියාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.