Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එස්.එස්.සී පිල සාර්ථක ලකුණු හඹායෑමක

එස්.එස්.සී පිල සාර්ථක ලකුණු හඹායෑමක

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ එන්.සී.සී සහ එස්.එස්.සී අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙව එස්.එස්.සී පිල කඩුලු 2 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත්විය.

ශතකයක් (නොදැවී 167) ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින සඳුන් වීරක්කොඩි පන්දු 198 කට මුහුණදුන් අතර හයේ පහර 4 ක් සහ හතරේ පහර 18 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා කෞශාල් සිල්වා සමගින් ලකුණු 74 ක සම්බන්ධතාවයක් සහ දෙවැනි කඩුල්ල සඳහා ක්‍රිෂාන් ආරච්චිගේ සමගින් එක්ව ලකුණු 115 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සඳුන් වීරක්කොඩි තෙවැනි කඩුල්ල සඳහා කවිඳු කුලසේකර සමගින් එක්ව තවත් ලකුණු 101 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

එන්.සී.සී පිල පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 444 ක් රැස්කිරීමට සමත්වූ අතර එහිදී ඇන්ජලෝ පෙරේරා ද්විත්ව ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 203 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ පෙරේරා හයේ පහරක් සහ හතරේ පහර 20 කින් සිය ද්විත්ව ශතකය අලංකාර කළේය.

තවත් තරග 3 ක් එස්.එස්.සීලූ කෝල්ට්ස් සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණවලදී දෙවැනි දිනටත් අද පැවැත්වුණි.

එහිදී සැරසන්ස් පිලේ ගමිඳු අමරසිංහ (නොදැවී 103) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හලාවත මේරියන්ස් පිලේ සාගර් උදේෂී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

එන්.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 444, එස්.එස්.සී 290/2

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 103.3 කදී සියලුදෙනා දැවී ලකුණු 444
(පැතුම් නිශ්ශංක 95, හසිත බෝයගොඩ 20, මහේල උඩවත්ත 23, ඇන්ජලෝ පෙරේරා 201, ලසිත් ඇඹුල්දෙණිය 26, නිශාන් පිරීස් 28, ධම්මික ප්‍රසාද් 86/3, ආකාෂ් සේනාරත්න 91/2, තරිඳු රත්නායක 99/2)

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 290
(සඳුන් වීරක්කොඩි නොදැවී 167, කෞෂාල් සිල්වා 26, ක්‍රිෂාන් ආරච්චිගේ 48, කවිඳු කුලසේකර නොදැවී 37, ලසිත් ඇඹුල්දෙණිය 59/2)

 

ද්‍රවිඩ සංගමය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 615, ද්‍රවිඩ සංගමය 67/2

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 414
(අවිෂ්ක ප්‍රනාන්දු 223, සංගීත් කුරේ 142, හෂාන් දුමිඳු 70, ප්‍රියමාල් පෙරේරා 34, ජෙහාන් ඩැනියල් 61, නිසල තාරක 38, ජීවන් මෙන්ඩිස් 192/4, කමිඳු මෙන්ඩිස් 53/2)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 67
(සිතාර ගිම්හාන නොදැවී 25)

 

හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 186 සහ 227/7, සී.සී.සී 206

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(ඕෂධ ප්‍රනාන්දු 52, රිසිත් උපමාල් 36, ඉරෝෂ් ප්‍රනාන්දු 26, ළහිරු මදුශංක 51/6, මාලින්ද පුෂ්පකුමාර 84/3)

සී.සී.සී - පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(මිනෝද් භානුක 40, අෂාන් ප්‍රියංජන් 22, ළහිරු මදුශංක නොදැවී 51, සාගර් උදේෂී 38/5, තීක්‍ෂිල ද සිල්වා 99/3)

හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 61.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 227
(යශෝධ ලංකා 89, හර්ෂ කුරේ 80, රිසිත් උපමාල් නොදැවී 30, ළහිරු මදුශංක 34/2, වනිඳු හසරංග 42/2)

 

යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව 350, සැරසන්ස් 255/5

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 98.5 කදී සියලුදෙනා දැවී ලකුණු 350
(හිමාෂ ලියනගේ 116, දිල්ශාන් ද සිල්වා 101, සංජික රිද්ම 56, චාමික එදිරිසිංහ 81/3, සචිත්‍ර පෙරේරා 42/3, රනිත ලියනාරච්චි 61/3)

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 255
(ඇන්ඩි සොලමන්ස් 62, කවිඳු නිර්මාල් 29, ගමිඳු අමරසිංහ නොදැවී 103, නිපුන් කරුණානායක නොදැවී 39, දුශාන් විමුක්ති 58/3)

 


අදහස් (0)

එස්.එස්.සී පිල සාර්ථක ලකුණු හඹායෑමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.