Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට නිලුක

ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට නිලුක

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න නිර්දේශ කරනු ඇතැයි වාර්තා වේ.  එහි විශේෂත්වය වන්නේ ඔහු ඔලිම්පික් උළෙල තුනකදීම පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි කර ගැනීමයි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ලෙස සැළකෙන 36 හැවිරිදි නිලුක මීට පෙර ලන්ඩන් ඔලිම්පික් (2012) සහ රියෝ (2016) ඔලිම්පික් උළෙලේ දී ද සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබීමයි.

ජපානයේ ටෝකියෝ නුවරදී ජුලි 23 වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විත නිල ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පුහුණුකරුවන් ද සමග මෙම 15 වැන දා දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියි.  එහි නායකත්වයට යෝජනා වී සිටින නිලුක කරුණාරත්න පවසන්නේ තමා සහභාගී වන අවසන් ඔලිම්පික් උළෙල මෙය වන බැවින් නායකත්වය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස උනන්දු වී සිටින බවයි.

වසර 2013 දී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු කේවල (පිරිමි) ඉසව්වෙන් 34 වැනි දින දක්වා ඉහළට පැමිණියේය.  අවසන් වරට වසර 2020 උගන්ඩාවේ පැවැති ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙමින් එහිදී කේවල (පිරිමි) ඉසව්වේ අනුශූරතාව හිමි කර ගෙන තිබේ.

මේ වන විට දේශීය තරග බිමෙන් ඉවත්ව ජාත්‍යන්තර තරග සඳහා පමණක් සහභාගී වන නිලූක ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් සොයා පසුගිය කොවිඩ් වසංගත සමයේ පේරු, පෘතුගාලය හා රුමේනියාවේ පැවැති ජාත්‍යන්තර තරග කිහිපයකට ද සහභාගී විය.

ජාතික බැඩ්මින්ටන් (පිරිමි කේවල) ශූරතාව ඔහු 17 වරක්ම දිනා ගෙන තිබේ.

 


අදහස් (0)

ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට නිලුක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.