Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැගීම හේතුවෙන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන්ට විවෘත නොකරන බව සංවිධායකයා් කියති. ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට සති තුනක් පමණක් ඉතිරිව තිබියදී ඔව්හු මෙම නිවේදනය කළහ. කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලද මෙම ක්‍රීඩා උළෙලේදී නරඹන්නන්ගේ ආසන හිස්ව පැවතිය හැකි බව ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාද පැවසීය.
සෑම ක්‍රීඩාංගණයකම තරග නැරඹිය හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාවෙන් අඩකට පමණක් පැමිණිය හැකිවන පරිදි, දේශීය නරඹන්නන් වෙනුවෙන්, ප්‍රවේශපත් 10,000 ක් අළෙවි කිරීමට තරග සංවිධායකයෝ පසුගිය මාසයේදී තීරණය කළහ. එහෙත් ටෝකියෝ නුවර වත්මන් තත්ත්වය අනුව ක්‍රීඩා ලෝලීන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත කළ හැකි බවට සෞඛ්‍ය බලධාරීහු බියවී සිටිති.
“ආසාදිතයන්ගේ තත්ත්වය දවසෙන් දවස වෙනස් වෙනවා. ඉදිරියේදී තත්ත්වය මොන ආකාරයේ එකක් විය හැකිද යන්න තවමත් අපහැදිළියි.... ඒත් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දෘෂ්ටිකෝණයෙන් බලන විට තරගාවලියට නරඹන්නන් ඇතුළත් නොවිය හැකියි. ඒ නිසා අපට ඕනෑම ආකාරයට සූදානම් වෙන්න පුළුවන්” යයි ඔලිම්පික් ක්‍රීඩා කමිටුවේ සභාපති සීකෝ හොෂිමෝටෝ මහතා පැවසීය.
කෙසේ වෙතත් ජපානයේ දේශීය මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඔලිම්පික් බලධාරීන් ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පවත්වන බවයි.
කොරෝනා වයිරසය ජපානය තුළ පැතිරීම එතරම්ම බරපතළ නොවූවත්. මරණ 14,800 ක් වාර්තා විය. තවමත් සම්පූර්ණ ලෙස එන්නත්කරණය කර ඇත්තේ ජපානයේ ජනගහණයෙන් 11්‍ර කට පමණි. එබැවින් නැවතත් කොරෝනා රැල්ලක් ඇතිවුවහොත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයේදි එය ජපානයේ සෞඛ්‍ය අංශය අමාරුවේ දැමීමක් විය හැකි බව සෞඛ්‍ය බලධාරීහු කියති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.