Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජූලි මස 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් “ශක්තිමත්” කණ්ඩායමක් යවන බව ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන්, ජිම්නාස්ටික් ක්‍රීිඩිකා මිල්කා ගෙහානි ද සිල්වා සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා තෙහානි එගොඩවෙල මේ වන විටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා සිටිති. එහෙත් වයිල්ඩ් කාඩ් පදනම අනුව ඔලිම්පික් උළෙලට යන ක්‍රීඩක ලයිස්තුවේ ඉතිරි ස්ථාන පහ තවමත් නම් කර නොමැත.
“අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ පවතින යහපත් සම්බන්ධතාවයට ස්තූතිවන්ත වන පරිදි ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් පමණ සමන්විත වේවි. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන්ය.. බලධාරීන් විසින් තාක්ෂණික කරුණක් මත ඇයගේ සුදුසුකම් අහිමි කළද පසුව නීතිමය සටන ජය ගනිමින් ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තමන්ගේ ස්ථානය වෙන්කරවා ගත්තාය.”
“ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට මිල්කා ගෙහානි ද සිල්වා සමත් වූවාය. ඇය ආසියානු මහාද්වීපික කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටින ක්‍රීඩිකාව වන අතරම ඉන්දියාවේ ප්‍රනාති නායක්ට වඩා ඉදිරියෙන් සිටී.” යයි ද ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ සහ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි සිසුවියක වන මිල්කා ඔලිම්පික් සහයෝගීතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජපානයට ගියාය. මේ වන විට ඇය ජපානයේ සිටින්නීය.
ජාත්‍යන්තර තරඟ කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මිල්කා දේශීය ජිම්නාස්ටික් තරග බිමේ දක්ෂතම ක්‍රීඩිකාව බව ඔප්පු කර තිබේ. ඇය 2011 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරිය වූ අතර එහි පළමු ශූරතාව දිනාගන්නා විට ඇයගේ වයස අවුරුදු 8 කි. ඇය 2016 දී කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 6 වන ස්ථානයට පත්වූවාය.
2017 සහ 2018 දී ඇය ජාතික ශූරිය වූ අතර ආසියානු ශූරතාවලියේ පළමු 8 දෙනා අතරට පැමිණියාය. එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වූ මිල්කා ගෙහානි, 2018 දී යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද වාර්තාවක් තැබුවාය.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගත් තුන්වැනි ක්‍රීඩිකාව තෙහානි එගොඩවෙලයි.
“වෙඩි තැබීමේ ක්‍රීඩිකා තෙහානි එගොඩවෙලට ස්ථානයක් වෙන්කර තිබේ” යයි ඔලිම්පික් සහයෝගිතා වැඩසටහන සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තහවුරු කර තිබේ. වෙඩි තැබීමේ සම්මේලනයේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, ජාතික ඔලිම්පික් කමිටුව මෙම ක්‍රීඩිකාවගේ සහභාගිත්වය තහවුරු කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්තව සිටින තෙහානි, නායකකන්ද යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ හිටපු සිසුවියකි.
මේ අතර පිහිනීම සඳහා ස්ථාන දෙකක් වෙන් කිරීමට ඉඩ තිබේ. එය පිහිනුම් ක්‍රීඩකයකුට සහ පිහිනුම් ක්‍රීඩිකාවකට විය හැකිය. එම ස්ථාන දෙක සඳහා මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් මේ වන විටත් නිර්ද්ශ වී සිටිති. ඒ හැරුණු විට ජූඩෝ, මලල ක්‍රීඩා, මල්ලවපොර, බැඩ්මින්ටන් හෝ බර ඉසිලීමේ ක්‍රීඩාවලින් තවත් ස්ථාන දෙකක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර එමඟින් අපගේ කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත වේ යැයි ජාතික ඔලිම්පික් කමිටුවේ නිල නිවේදනයකින් කියැවේ.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනා හැරුණු විට, අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළුව, විවිධ නිලධාරීන් 50 කට අධික සංඛ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බව වාර්තාවේ. එහෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ පරිපාලන නිලධාරීන් ඇතුළුව උපරිම වශයෙන් සහභාගී වන සංඛ්‍යාව 15 ක් බව ජාතික ඔලිම්පික් කමිටුව සිය නිල නිවේදනයෙන් කියයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.