Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔසාකා ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්වෙයි

ඔසාකා ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්වෙයි

editorial - 2021 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ටෙනිස් ලෝකය මවිතයට පත්කරමින් ජපානයේ නයෝමි ඔසාකා ප්‍රංශ විවෘත තරගයෙන් ඉවත්වූවාය. ඇය තරගාවලියෙන් ඉවත් වූයේ ඇය වසර තුනකට ආසන්න කාලයක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව පැහැදිලි කරමිනි.

තරගාවලිය ආරම්භයට පෙරදීම ඇය කියා සිටියේ තරග වලින් පසුව මාධ්‍ය හමුවට සහභාගි වීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි. තරඟාවලියෙන් පසුව ක්‍රීඩකයින් සඳහා අනිවාර්ය ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගී නොවන බව පැවසූ ඔසාකා, මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ඇගේ මානසික යහපැවැත්මට බලපානු ඇතැයි ද පැවසුවාය.

සිව් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනා සිටින ඔසාකා පසුගිය ඉරිදා ඇගේ පළමු වටයේ තරගය ජය ගැනීමෙන් පසුව පුවත්පත් සාකච්ඡාවට සහභාගි නොවූවාය. ඒ වෙනුවෙන් ප්‍රංශ විවෘත තරගාවලියේ සංවිධායකයන් විසින් ඇයට ඩොලර් 15,000 ක දඩයක් නියම කරන ලදි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරග සංවිධායකයින් පසුව දැඩි ස්ථාවර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇයගේ ස්ථාවරය වෙනස් කිරීමට ඔසාකා අපොහොසත් වුවහොත් ප්‍රංශ විවෘත තරගාවලියෙන් මෙන්ම අනාගතයේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ තරග වලින් ඇය නෙරපා හැරිය හැකි බවයි.

කෙසේ වෙතත් ලෝකයේ අංක 2 ක්‍රීඩිකාවගේ අවසන් තීරණය වූයේ ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වීමයි. තරගාවලියෙන් ඉවත් වෙමින් ඔසාකා දීර්ඝ ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය.

“මෙම තත්ත්වය දින කිහිපයකට පෙර මගේ අදහස් පළ කරන විට මා සිතූ හෝ අදහස් කළ තත්වයක් නොවේ... මා හිතන්නේ දැන් (ප්‍රංශ විවෘත) තරඟාවලිය සඳහා හොඳම දේ තමයි, අනෙක් ක්‍රීඩකයින් සහ මගේ යහපැවැත්මත් පවත්වාගෙන, මම තරගාවලියෙන් ඉවත් වීම. ඒ නිසා සෑම කෙනෙකුටම පැරිසියේ පැවැත්වෙන ටෙනිස් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වේවි”

“මට කිසි විටෙකත් අවධානය වෙනතකට යොමු වීමට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් මෙම තීරණය ගැනීස සඳහා මා පියවර ගත් කාලය වඩාත් සුදුසු නොවන බවත්, මගේ පණිවිඩය වඩාත් පැහැදිලි විය හැකි බවත් මම පිළිගනිමි” යයි ඇයගේ දීර්ඝ ට්විටර් පණිවුඩයේ සටහන් වී තිබිණ.

එහි මෙසේද සඳහන් වී තිබිණ.

“සත්‍යය නම්, 2018 දී එක්සත් ජනපද විවෘත තරගාවලියේ සිටම, මා දිගු කලක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළෙන බවයි. ඒ සමඟ සටන් කිරීම මට ඉතා අසීරු වී ඇති බවත් කිව යුතුයි”

“මා දන්නා ඕනෑම අයෙකු මා අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලබන කෙනෙකු බව දනී. ටෙනිස් තරඟාවලිවලදී මා දුටු ඕනෑම කෙනෙකුට මා බොහෝ විට හෙඩ්ෆෝන් පැළඳ සිටින බව පෙනෙනු ඇත. එය මගේ සමාජයීය තැවුල් සහගතබව දුරු කිරීමට උපකාරී වන්නකි” යයි ද ඔසාකා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

 

- 213


අදහස් (0)

ඔසාකා ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.