Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව අනීකා

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව අනීකා

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ලාබාලම සාමාජිකාව ලෙස පිහිනුම් ක්‍රීඩිකා අනීකා ගෆූර්ය. 2004 වසරේ ජනවාරි මස 23 වැනිදා උපන් ඇය මේ වන විට 17 වැනි වියේ පසුවන්නීය.

තායිලන්තයේ ‘යුනයිටඩ් වර්ල්ඩ්‘  ජාත්‍යන්තර පාසලේ පුහුණුවීම්වල නිරත වන අනීකා, ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි රැසකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. මෙවර ඔලිම්පික් උළෙලේදී ඇය මීටර් 50 සහ මීටර් 100 සමනල ආර ඉසව් සඳහා සහභාගි වීමට සූදානමින් සිටින්නීය.

2019 වසරේ කො‍රියාවේදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගත් අනීකා, 2018 වසරේදී පැවැති ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ ශූරිය බවට පත්වූ ඇය, මීටර් 50 සහ මීටර් 100 සමනල ආර ජාතික වාර්තාවන්ටද හිමිකම් කියන්නීය.

2019 වසරේ නේපාලයේදී පැවැති 13  වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 සමනල ආර ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනාගත් ඇය, එහි මීටර් 100x4 මිශ්‍ර ආර සහාය පිහිනුම් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය. එහිදී මීටර් 100x4 මිශ්‍ර ආර සහාය පිහිනුම් ඉසව්වේ ජාතික වාර්තාව බිඳ දැමීමටද අනීකා ඇතුළු කණ්ඩායම සමත් විය.


(සැකසුම - ශානුක අරවින්ද)


අදහස් (0)

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව අනීකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.