Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ඊයේ (26 වැනිදා) සමත්විය.
කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයකදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාහුල විද්‍යාලයට ඕවර 25.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 83 ක් පමණි.
සමිත් ඉසුරු ලකුණු 18 කට කඩුලු 4 ක් සහ දිනුප සෙව්මිණ ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගනිමින් රාහුල විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 84 ක ඉලක්කයක් හඹාගිය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ඕවර 9 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. ධනීෂ් මදුසංක ලකුණු 40 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
රාහුල විද්‍යාලය - ඕවර 25.5 කදී සියලුදෙනා දැවී ලකුණු 83
(සමිත් ඉසුරු 18/4, දිනුප සෙව්මිණ 15/2)
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය - ඕවර 9 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 84
(ධනීෂ් මදුසංක 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.