Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ 140 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 158 ක් රැස්කර සිටියේය. සාන්ත තෝමස් විදුහල් පිල පළමු දිනය අවසන් වන විට කඩුලු හතරක් අතැතිව රාජකීය විදුහල් ලකුණු සංඛ්‍යාව සමකර සිටියේය.
සාන්ත තෝමස් විදුහල එක් අවස්ථාවකදී කඩුලු දෙකක් දැවී ලකුණු 132 ක් රැස්කර ප්‍රබල තත්ත්වයක පසුවුවද කමිල් මිෂාර (32/3) පන්දුවෙන් ද දස්කම් දැක්වීමෙන් රාජකීය විදුහල නැවත හිස එසවීය. වමතින් දඟ පන්දු යවන ගිෂාන් බාලසූරිය හොඳ පීඩනයක් යොමු කරමින් පන්දු යැවූ අතර ඔහු ද කඩුලු දෙකක් දවාගත්තේය. යොහාන් පෙරේරා පන්දු 90 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී ගිෂාන් බාලසූරියට ගොදුරු විය.
රයන් ප්‍රනාන්දු පන්දු 66 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් රැස්කර සිටියදී පන්දු යැවූ කමිල් මිෂාර අතටම උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
සාන්ත තෝමස් විදුහල ලකුණු 35 කට කඩුලු දෙකක් දැවී සිටියදී රයන් ප්‍රනාන්දු සහ යොහාන් පෙරේරා තෙවැනි කඩුල්ලට පන්දු 139 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් සටනට අවතීර්ණ වුහ.
සාන්ත තෝමස් විදුහල් පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල ලකුණු 158 කට සීමා කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ වමතින් වේග පන්දු යවන කළන පෙරේරා, රාජකීය විදුහල් පළමු ඉනිමේ විනාශකරුවා බවට පත්වෙමින් ලකුණු 54 කට කඩුලු හයක් දවාගැනීමට සමත් විය.
ලකුණු 87 කට කඩුලු අටක් බිඳ වැටී තිබියදී කවිඳු පතිරත්න (35) සහ කෞෂාන් කුලසූරිය (28) නවවැනි කඩුල්ලට පන්දු 105 කින් ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් යම් තරමකට හෝ රාජකීය විදුහල ගොඩගත්හ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරන කමිල් මිෂාර අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 87 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 36 ක් ලබා හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
රාජකීය විදුහල් පිලේ නායක කවිඳු මදාරසිංහ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දිමට තීරණය කළේය.
අද (08) තරගයේ දෙවැනි දිනයයි.
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 158
(කමිල් මිෂාර 36, අහන් වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, කළන පෙරේරා 54/6, ශනෝන් ප්‍රනාන්දු 27/4)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 39 කදී කඩුලු 6 ට 158
(ශලීන් ද මෙල් 21, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, කමිල් මිෂාර 32/3, ගිෂාන් බාලසූරිය 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.