Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කළුතර මහ විදුහලට කඩුලු 5 ක ජයක්

කළුතර මහ විදුහලට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති 61 වැනි ‘මැංගුස්’ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඵතර මහ විදුහල් ක්‍රීඩකයෝ කඩුලු පහක ජයක් ලැබීමට අද (30) පස්වරුවේ සමත් වූහ.

ක`ඵතර මහ විදුහල ‘මැංගුස්’ සටන ජය ලැබූ 22 වැනි වසර මෙය වන අතර තිස්ස මැදි මහ විදුහල හය වරක් පමණක් ජය ලබා තිබේ. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද කඵතර මහ විදුහල් පිල ලකුණු 111 ක ජයග්‍රාහි ඉලක්කය කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

මිලිඳු සිල්වා ජයග්‍රහයේ දැවැන්ත කොස්කරුවකු බවට පත්වෙමින් පන්දු 85 කදී හතරේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට සමත් විය.  

දෙවැනි දිනයේ දෙවැනි ඉනිම ඇරඹු තිස්ස මැදි විදුහල ලකුණු 126 කට සීමාවිය.

තිස්ස මැදි මහ විදුහල ලකුණු 38 කට කඩුලු අටක් දැවී දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියදී එරන්ද දෙව්මිත් (33) සහ හර්ෂ මධුසංඛ (32) නවවැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් පවත්විමින් යම් තරමක ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ. කළුතර විදුහලේ විශ්මිත කොස්තා (15/4) සහ නයක කවිඳු ගයේෂාන් (43/3) එකතුව කඩුලු හතක් දවාගනිමින් තිස්ස විදුහල අමාරුවේ දැමූහ.

කඵතර මහ විදුහලේ මිලිඳු සිල්වා තරගයේ වීරයා ලෙස ද, ක්‍රිෂාන් විරංග දක්‍ෂතම පිතිකරු ලෙස ද, කවිඳු ගයේෂාන් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, තිස්ස මැදි මහ විදුහලේ ඔෂේම් නිමරෝත දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.


තිස්ස මැදි මහ විදුහල පළමු ඉනිම ඕවර 47 කදී සියලු දෙනා දැවී 145
(කෝසල රවිඳු 47, අෂේන් චනුල 30, කවිඳු ගයේෂාන් 52/5, අවිෂ්ක ලක්‍ෂාන් 31/3)

කළුතර මහ විදුහල් පළමු ඉනිම ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 161
(විෂාර ශෂ්මිත 31, ක්‍රිෂාන් විරංග 50, ප්‍රබෝද් වනිගසිංහ 23, රොහාන් සංජය 44/4, අෂේන් චනුල 13/3)

තිස්ස මැදි මහ විදුහල දෙවැනි ඉනිම ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 126
(එරන්ද දෙව්මිත් 33, හර්ෂ මධුසංඛ 32, විශ්මිත කොස්තා 15/4, කවිඳු ගයේෂාන් 43/3, දිලීෂ් අරුණෝද්‍ය 22/2)

කඵතර මහ විදුහල දෙවැනි ඉනිම ඕවර 27.1 කදී කඩුලු 5 ට 114
(මිලිඳු සිල්වා නොදැවී 58, ගිහාන් සංජන 15, හේෂාන් උමින්ද 20/2)

 


අදහස් (0)

කළුතර මහ විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.