Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 34 ක ජයක් ලබාගැනීමට කළුතර විද්‍යාලය අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කළුතර විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක ලක්ෂාන් (103) ශතකයක් සහ ශවීන් දිල්මින් ඉනිම දෙකෙහිදිම කඩුලු 5 බැගින් ලකුණු 53 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(දිල්ශාන් කාවින්ද 40, ඉසුරු උෂාන්ත 24, ශවීන් දිල්මින් 14/5, විස්මික කොස්තා 33/2)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 305
(අවිශ්ක ලක්ෂාන් 103, ප්‍රබෝද් වනිගසිංහ 59, විශාර ප්‍රනාන්දු 55, ක්‍රිශාන් විරංග 44, ගිහාන් සංජන 20, නිදුල් දුල්නාත් 79/4, දිල්ශාන් කාවින්ද 45/2)
එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.5 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(රවිඳු උදයංග 35, හිමන්ත කේෂාන් 24, දිල්ශාන් කාවින්ද 24, ශවීන් දිල්මින් 39/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.