Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර මග්ගොන සරේ ක්රීඩාංගණයේදී අද (29) ආරම්භ වූ 61 වැනි ‘මැංගුස්’ සටන වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනයේ ක්රීඩාව අවසන් කරන විට කළුතර මහ විදුහල පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
පළමු දිනය අවසානයේ කළුතර මහ විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 161 ක් රැස්කරමින් ලකුණු 16 ක වාසියක් ලබාගත්තේය.
කළුතර මහ විදුහලේ ක්රිෂාන් විරංග පන්දු 51 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. ශ්රී ලංකා යොවුන් පිල නියෝජනය කළ රොහාන් සංජය ලකුණු 44 කට කඩුලු හතරක් දවාගත්තේය.
කළුතර මහ විදුහල් පිලේ නායක කවිඳු ගයේෂාන් ලකුණු 52 කට කඩුලු පහක් දවා ගනිමින් තිස්ස මැදි විදුහල් පළමු ඉනිම ලකුණු 145 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.
කාසියේ වාසිය ලැබූ කළුතර මහ විදුහල් පිලේ නායක කවිඳු ගයේෂාන් පළමුව පන්දුවට පහර දීමට තිස්ස මැදි විදුහලට ආරාධනා කළේය.
හෙට (30) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
තිස්ස මැදි මහ විදුහල පළමු ඉනිම ඕවර 47 කදී සියලු දෙනා දැවී 145
(කෝසල රවිඳු 47, අෂේන් චනුල 30, කවිඳු ගයේෂාන් 52/5, අවිෂ්ක ලක්ෂාන් 31/3)
කළුතර මහ විදුහල් පළමු ඉනිම ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 161
(විෂාර ශෂ්මිත 31, ක්රිෂාන් විරංග 50, ප්රබෝද් වනිගසිංහ 23, රොහාන් සංජය 44/4, අෂේන් චනුල 13/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.