Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා

ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි යුගල ඉසව්වට සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩකයන් දෙදෙනෙක් ඊයේ (2 වැනිදා) කොවිඩ්-19 වයිරස ආසාධිතයන් බවට තහවුරු වී ඇති බව එහි සංවිධායකයෝ පවසති. ඉකුත් ඉරිදා පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියේ තරග නැරඹීම සඳහා දිනකට නරඹන්නන් 5000 කට පමණ අවසර ලබා දී තිබේ.

“තරගාවලියේ මහජන සෞඛ්‍ය සහ ආරක්ෂක විධි විධානවලට අනුව එම ක්‍රීඩකයන් දෙදෙනා තරගාවලියෙන් ඉවත් කිරීමටත්, ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමටත් අපි පියවර ගත්තා. ඔවුන් දෙදෙනාගේ හිදස් පිරවීම සඳහා විකල්ප ලැයිස්තුවේ ඉදරියෙන්ම සිට ක්‍රීඩකයන් යුගලය තරග සැකැස්මට ඇතුළත් කරනවා.” යැයි සංවිධායකයෝ පැවසූහ.

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ වූ මැයි මස 24 වැනිදා සිට මේ දක්වා කොරෝනා වයිරස ආසාධියන් සෙවීම සඳහා පරීක්ෂණ 2446 ක් පමණ කර ඇති බවද, ඉදිරියේදීද නිරන්තරයෙන් සියලුම තරගකරුවන්ගේ සහ ඔවුන්ගේ කණ්ඩායම්වල සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂාවට ලක්කරන බවද සංවිධායකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.

“‍සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන සැලකිල්ලට ගනිමින් සංවිධායකයන්ට ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවූ පළමු අවස්ථාව මෙයයි. මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැදී සිටින්නේ සහ පුහුණුවීම් කරන්නේ සමාජමය වශයෙන් දුරස්ථ ‍ජෛව ආරක්ෂක බුබුලු තුළයි.” යැයි එහිදී ඔවුහු කියා සිටියහ.

කෙසේ වුවත් ප්‍රංශ විවෘත තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිනපතා පැයක කාලයක් ඔවුන් රැදී සිටින ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යෑම සඳහා සංවිධායකයන් අවසර ලබා දී ඇත.

-036


අදහස් (0)

ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.