Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුබද්ධිත කොළඹ ටොරින්ටන් පෙදෙසේ පැවැති ක්‍රීඩා නේවාසිකාර දෙකක් ඉදිරියේදී හමුදා පාලනයක් යටතට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය දැන් යොමුවී තිබේ. මෙම නේවාසිකාර දෙකම කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පැරණී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ සහ රීඞ් මාවතේ ක්‍රීඩාංගණයට යාබදව පිහිටා ඇත.
ඇතැම් බාහිර පිරිස් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම නේවාසිකාගාර ඇතුළත රාත්‍රී කාලයේ මත්පැන් පානය කිරීම සහ තවත් විනය විරෝධී ක්‍රියාවන් රැසක් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.
ඇතැම් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් රාත්‍රී කාලයේ එකම කාමරයක නවාතැන් ගෙන සිටින බවත්, එමෙන්ම එම නේවාසිකාගාර අපිරිසිදු ලෙස පරිහරණය කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයට සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පැමිණිලි රැසක් ලැබී තිබේ.
උද්ගත වී ඇති තත්වය පාලනය කිරීම සඳහා එහි පරිපාලනය හමුදා නිලධාරින් අතට පත්කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
අදාළ නේවාසිකාගාර දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට පමණ නේවාසික පහසුකම් සැපයෙන අතර, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන පුහුණුවීම් වල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ දෙනා මේ දිනවල නේවාසිකව සිටිති.
ක්‍රීඩා නේවාසිකාගාරයේ විනය විරෝධී සිදුවීම් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා පිළිබඳව කළ විමසුමකදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පිළිගත්තේය.
“එවැනි චෝදනා එල්ල වී ඇති බව ඇත්ත”
“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය හොඳින් පවත්වා ගැනීම අපේ වගකීමක්. මම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරලා දැඩි විනය නීතිරීති පද්ධතියක් හඳුන්වා දීලා, එහි පරිපාලනය හමුදා නිලධාරීන් අතට පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරියේදී යෝජනා කරනවා” යයි ද මුතුගල මහතා පැවසීය.
“අද වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට එම චෝදනා (මලල ක්‍රීඩා 01, කබඩි 02) එල්ල වී තිබෙනවා. මේ සේරටම හේතුව නිසි විනයක් නැතිකම මෙන්ම මුදල් පසුපස හඹා යාම කියන එක තමයි මගේ විශ්වාසය” යයිද මුතුගල මහතා වැඩිදුරටත් පැවසීය.
ද සන්ඬේ ටයිම්ස් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.