Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 10 ක් කරනවා

ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 10 ක් කරනවා

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව 10 ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා යෝජිත ව්‍යවස්ථාව මැයි මාසයට පෙර ක්‍රියාත්මක කිරීමේ අදහසක් පවතින බවත් මේ දිනවල එහි සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව අඩු කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 10 ක් කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.