Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තව නොබෝ දිනකින්ම කායවර්ධන ක්‍රීඩා පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි. ඒ සඳහා වන ගැසට් නිවේදනය මේ වන විටත් සූදානම් කර තිබෙන බවත් පත් කෙරෙන කායවර්ධන පරිපාලන අතුරු කමිටුව නිලධාරින් තිදෙනකුට සීමා කෙරෙන බවත් මුතුගල මහතා “ලංකාදීප”ය කළ විමසුමක දී පැවසීය.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වත්මන් සභාපතිවරයා හා ප්‍රධාන ලේකම්වරයා අතර මේ වන විට එහි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් විරසකයක් නිර්මාණය වී තිබේ. ඒ හේතුවෙන් එම සම්මේලනයේ විධායක සභාව ද දෙපාර්ශවයකට බෙදී සිටින බව කායවර්ධන ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරයි.
කායවර්ධන සම්මේලනයේ නිලවරණය (2018-20) කැඳවීමට පසුගිය මැයි මාසයේ සිට ගන්නා වූ උත්සහය ද මෙම පරිපාලන ආරවුල් හේතුවෙන් තවමත් සාර්ථක වී නැත. සභාපතිවරයා හා ලේකම්වරයා අතර කලක පටන් පවතින බව කියන ආරවුල විසඳීමට ක්‍රීඩා අමාත්‍යාංශය ද අවස්ථා කීපයක දී මැදිහත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස කායවර්ධන සම්මේලනය විධායක සභා රැස්වීම් කීපයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී එහි බලධාරින්ගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට ද කටයුතු කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.