Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන කිත්සිරි ප්‍රනාන්දු හා එහි හිටපු භාණ්ඩාගාරිකවරයකු වන දිනේෂ් ෆොන්සේකා යන මහත්වරුන්ට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් ජීවිතාන්තය දක්වා ක්‍රීඩා පරිපාලන කටයුතුවල නිරතවීමේ තහනමක් පනවා තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2019 වසරට අදාළව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ගිණුම් විගණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේ දී ඉහත නිලධාරීන් දෙදෙනා තම වගකීම් පැහැර ඇති බව පෙනෙන බැවින් මෙම තහනම පැනවූ බවයි.
වැඩිදුරටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියට අනුව විමර්ශනයේ දී චෝදනාලාභී ඉහත නිලධාරීන් දෙදෙනාට කරුණු දැක්වීම සඳහා අවස්ථාව ද ලබාදුන් බවත් පවසයි.
ඒ අනුව ක්‍රීඩා පනතට අනුව 1990/23 ගැසට් පත්‍රයේ 11 වැනි කොටසේ (න) වගන්තිය අනුව තහනමට ලක්වූ කිත්සිරි ප්‍රනාන්දු හා දිනේෂ් ෆොන්සේකා යන මහත්වරුන්ට යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත්කරගනු ලැබීමට හෝ එසේත් නැතිනම් ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ තහනම් වේ.
එසේම ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකු වීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකුවීමට නුසුදුස්සන් වන බව ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය මගින් දැනුම් දේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.