Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කැලණි - මොරටු විශ්ව විද්‍යාල කැරම් ශූරතා දිනයි

කැලණි - මොරටු විශ්ව විද්‍යාල කැරම් ශූරතා දිනයි

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අංශය සහ කැරම් සංගමය එක්ව 6 වැනි වරටත් සංවිධානය කළ අන්තර් විශ්ව විද්‍යාලීය ආරාධිත ‘ග්‍රිප් ටු ග්‍රිප්’ වාර්ෂික කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලීය කණ්ඩායම සමත් විය. එහි කාන්තා කණ්ඩායම් ශූරතාව දිනාගනු ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලීය කණ්ඩායම විසිනි.

ශූරතාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමේද මෙන්ඩිස් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තීපිකා ශාන්තකුමාර් පිළිවෙලින් දක්‍ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.
 
කැලණිය විශ්ව විද්‍යාලීය ධර්මාශෝක ශාලාවේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් 250 අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූහ. තරගාවලිය දින දෙකක් පුරා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණ.

සම්මාන ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩී. කාලිංග මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජී.ජී.යූ. සමන් කුමාර, සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්.ආර්.එස්. සුලෝචනී, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

 
පිරිමි තරග ප්‍රතිඵල
ශූරතාව - ප්‍රමේද මෙන්ඩිස්, එම්.සී.එස්. මධුවන්ත, සංජය ලක්මාල්, විශ්වජිත් ජීවන්ත සහ නුවන් ඉන්ද්‍රජිත් (කැලණිය විශ්ව විද්‍යාලය)
අනු ශූරතාවය - මනුක අශේන් ද සිල්වා, කේ.එච්.කේ.එස්. විජේසේකර, කේ.බී.කේ.එච්. දයානන්ද, ඩබ්ලිව්.ජී.වයි.එස්. මධුෂාන් සහ එල්.එම්.වී. ප්‍රිමාල් (මොරටුව විශ්ව විද්‍යාලය)
තෙවැනි ස්ථානය - එස්.එච්.ඩී. ජයදීප්, ඩී.එම්.ඩී.එස්. ප්‍රනාන්දු, අයි.ඩබ්ලිව්.ඒ.සී. ඉමදූව, ආර්.එම්.අයි.ඊ. රත්නායක, කේ.ජී.බී.ජී.බී.ඒකනායක, කේ. සඳුන් තාරක සහ දිලූෂ ඩිල්රුජිත් (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය)


කාන්තා තරග ප්‍රතිඵල
ශූරතාවය - කේ.ඩබ්ලිව්.ඩී. ජයසිංහ, එච්.එම්.එස්.එම්. හේරත්, තීපිකා ශාන්තකුමාර්, ඒ.ඩී.ඩී.කේ. නන්දදාස, ජේ.එම්.ජේ. රියානා සහ එල්.එල්.සී.එච්.ආර්. ද සිල්වා (මොරටුව විශ්ව විද්‍යාලය)
අනු ශූරතාවය - ඒ.ඩී.ඩී.කේ. නන්දදාස, සී.එච්.එම්.ඩබ්ලිව්. මදුරංගනී, ඉසෙඞ්.වයි.ජේ. මොහොමඞ්, කේ.එස්.ඩබ්ලිව්. ගමගේ සහ ජී.එස්. රත්නායක (කැලණිය විශ්ව විද්‍යාලය)  
තෙවැනි ස්ථානය - ඩබ්ලිව්.ඒ.මධූ කල්පනී, පී.එන්.ටී.ජේ. ප්‍රබෝධ්‍යා, ඩබ්ලිව්.එස්.වයි. ජයති තිලක්නා, එම්. හර්ෂනී උපේක්‍ෂිකා, කේ.පී.එල්.පී.එස්.ආර්. කුමාරි, ඩී.එම්.එච්.එස්. දිසානායක සහ ලිහිණි පෙරේරා (කොළඹ විශ්ව විද්‍යාලය)

 


 

-036

 


අදහස් (0)

කැලණි - මොරටු විශ්ව විද්‍යාල කැරම් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.