Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කුරුණෑගල - ගම්පහ කඹ ඇදීමේ ශූරතා දිනයි

කුරුණෑගල - ගම්පහ කඹ ඇදීමේ ශූරතා දිනයි

යොහාන් භාසුර - 2020 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කළ අන්තර් දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව කුරුණෑගල කණ්ඩායම ද, කාන්තා ශූරතාව ගම්පහ කණ්ඩායම ද, දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලිය කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.

ගාල්ල කණ්ඩායමට පිරිමි අනුශූරතාව ද, රත්නපුර කණ්ඩායමට කාන්තා අනුශූරතාව ද, හිමිවූහ.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික කඹ ඇදීමේ සංගමයේ සභාපති බි්‍රගේඩියර් ජානක රණසිංහ, ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, උප සභාපතිවරුන් වන කේ. පී. එන්. සේරසිංහ, ජගත් නිශාන්ත සහ නිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

පිරිමි ශූරතාව දිනූ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම

 


කාන්තා ශූරතාව දිනූ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම   

 


අදහස් (0)

කුරුණෑගල - ගම්පහ කඹ ඇදීමේ ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.