Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
කොළඹ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය අද (21) සිට 25 වැනිදා දක්වා මාලබේ හොරයිසන් විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික් චෙස් සංගමය තරගාවලිය සංවිධානය කරයි.
තරගාවලිය විවෘත පිරිමි, විවෘත කාන්තා සහ වයස 8න් පහළ, 10න් පහළ, 12න් පහළ සහ 15න් පහළ වශයෙන් බාලක හා බාලිකා අංශ දෙකින්ම පැවැත්වේ. ශ්‍රේණිගත ලකුණු සහිත ,ශ්‍රේණිගත ලකුණු රහිත යන අංශ යටතේ මේ තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය තරග වට නවයකි. අද (21) සිට 24 වැනිදා දක්වා දිනකට තරග වට දෙක බැගින් තරග වට අටක් පැවැත්වෙන අතර අවසාන තරග වටය 25 වැනිදා පෙරවරුවේ පැවැත්වේ.
සියලුම ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමේ.
තරගාලිය වෙනුවෙන් වෙන් කර ඇති ත්‍යාග මුදල ලක්ෂ පහළවකට ආසන්නය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.