Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ දිස්ත්‍රික් චෙස් තරගාවලිය ජුනි 2-3-4

කොළඹ දිස්ත්‍රික් චෙස් තරගාවලිය ජුනි 2-3-4

editorial - 2023 මැයි මස 24 113 Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රි ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන කොළඹ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ (කාන්තා/පිරිමි) කණ්ඩායම් චෙස් තරගාවලිය ජුනි 2, 3 සහ 4 දිනවල දෙහිවල කවුඩාන ශාස්ත්‍රානන්ද විද්‍යාලයේදී පැවැත්වේ. මේ තරගාවලියට සහභාගි විය හැක්කේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කාන්තා,පිරිමි චෙස් කණ්ඩායම්වලට පමණි.

මෙම චෙස් තරගාවලිය තරග වට පහකින් සමන්විතය. ජුනි 2 වැනිදා පස්වරු 3.00 ට තරගාවලිය ආරම්භ කෙරේ. එදිනට පැවැත්වෙනුයේ එක් තරග වටයක් පමණි. ජුනි 3 සහ 4 දෙදින දිනකට තරග වට 2 බැගින් තරග වට පහ නිමා කෙරේ.

එක කණ්ඩායමකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතකි. එයින් තරග වදිනුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයක් පමණි. පවත්වන ලද තරග වට පහෙන් ලකුණු අනුපිලිවෙල මත කාන්තා සහ පිරිමි කණ්ඩායම් වල ස්ථාන තෝරා ගනු ලැබේ. එම කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික අන්තර් ක්‍රීඩා සමාජ චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගනු ඇත.

තවද එම කණ්ඩායම් තුන සදහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබන බව ද සංවිධායකයෝ කියති.


අදහස් (0)

කොළඹ දිස්ත්‍රික් චෙස් තරගාවලිය ජුනි 2-3-4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.